කවුද මේ ජඩ වැඩේ කලේ

නුගේගොඩ සහ ඒ අවට වෙසෙන මුස්ලිම් ජනතාවගේ නිවෙස්වලට ඇතුළු වන ගේට්ටුවල සහ තාප්ප බැමිවල 'සිංහ ලේ' යනුවෙන් සටහන් කරමින් තීන්ත ආලේප කිරීම...

නුගේගොඩ සහ ඒ අවට වෙසෙන මුස්ලිම් ජනතාවගේ නිවෙස්වලට ඇතුළු වන ගේට්ටුවල සහ තාප්ප බැමිවල 'සිංහ ලේ' යනුවෙන් සටහන් කරමින් තීන්ත ආලේප කිරීම පිළිබඳව මේ වන විට පාර්ශ්ව ගණනාවකගේ අවධානය යොමු වී තිබෙනවා.

මෙම ක්‍රියාවන් පිළිබඳව මේ වන විට රහස් පොලීසියද කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

මුස්ලිම් නිවාස ඉදිරිපස ගේට්ටු හා බැමිවල "සිංහ ලේ" ලෙස ලියා තැබීම ගැන අවධානය යොමු කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ ජාතීන් අතර වර්ගවාදය ඇවිස්සවීමේ කටයුතු කරන පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීමටත්, තවදුරටත් එවැනි කටයුතුවලට ඉඩ නොතැබිය යුතු බවත් යනුවෙනි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කරනවා.

අදාළ ක්‍රියාවන් පිළිබඳව සොයාබැලීමට වගකිව යුතු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට යැවීමට ක්‍රියා කළ බවත් මෙවැනි ක්‍රියා ජාතීන් අතර සමගිය බිඳ වැටීමට හේතුවන බවත් හර්ෂ ද සිල්වා මහතා ඉන් වැඩි දුරටත් පෙන්වා දෙන්වා.

මේ අතර මෙම සිද්ධියට අදාළ ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවි මගින් පළ කිරීමත් සමග සමාජ ජාලා වෙබ් අඩවි පරිහරණය කරන්නන් වැඩි දෙනෙකුම මෙම ක්‍රියාව තරයේ හෙළා දැක තිබුණා. 

ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වී තිබුණේ මෙමගින් නැවත වරක් ලංකාවේ ජාති වාදය ඇති වීමට මංමාවත් සකස් වන බවයි. මේ සම්බන්ධයෙන් එක්තරා සිංහල තරුණයෙකු තම මුහුණු පොතේ සටහන් කර ඇත්තේ 'සිංහ ලේ' යනුවෙන් ආලේප කොට ඇති මුස්ලිම් ජනතාවගේ නිවෙස් හි ඇතුළුවන ගේට්ටුවල එම වැකිය ඉවත් කොට, තිබුණු තත්තවයටම පත් කොට දීමට තමා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වන බවයි.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. thamange ekakaka gahagatta nam evarai ne.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 5379299638162904228

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item