ජනපති මරන්න ආ පුද්ගලයා වේදිකාවේ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටියදී බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී ඝාතනය කිරීමට උත්සහ කොට පසුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධි...

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටියදී බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී ඝාතනය කිරීමට උත්සහ කොට පසුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්ම සමාව නියම කෙරුණු කොටි සැකකරු අද ජනපති වර්ෂ පූර්ණ උත්සවයට සහභාගි වුණා. උත්සවය පැවති බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවට පැමිණි ඔහු ප‍්‍රධාන වේදිකාව මතදී සිය කෘතඥතාව මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත පළ කළා. 
 
පසුගිය 2008 වසරේදී බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැමිණෙමින් සිටින බවට සැක පළ කළ කොටි ත‍්‍රස්තවාදීන් වාහන පෙළකට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළා. ඉන් එක් පුද්ගලයෙකු මියගොස් පස් දෙනෙකු තුවාල ලැබුවා. මරාගෙන මැරෙන බෝම්බකාරියක් විසින් එම ප‍්‍රහාරය එල්ල කර තිබුණා. ඊට සම්බන්ධ ජිනීවන් නමැති කොටි සැකකරුට ජනාධිපති සමාව හිමිවූයේ ඊයේ (07) දිනයේදීයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4608478198408655170

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item