රවීගේ ප්‍රාඩෝ සිද්ධියේ විමර්ශන භාරව සිටි බුද්ධි විමර්ශන රේගු අධ්‍යක්‍ෂට මාරුවක්‌

ආනයනය කළ ප්‍රාඩෝ රථ දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ බදු අය නොකර නිදහස්‌ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටි ශ්‍රී ලංකා රේගුවේ මධ...

ආනයනය කළ ප්‍රාඩෝ රථ දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ බදු අය නොකර නිදහස්‌ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටි ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි විමර්ශන ඒකකයේ රේගු අධ්‍යක්‍ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (18 දා) සිට වෙනත් ඒකකයකට මාරු කර ඇත.

එමෙන්ම ඉහත විමර්ශන කටයුතුවලට අදාළ සියලු ලිපි ගොනු රේගුවේ ආදායම් අධීක්‍ෂණ බළකායට භාරදෙන ලෙසට ද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ස්‌ථාන මාරුවට ලක්‌වූ රේගු අධ්‍යක්‍ෂවරයා වෙත නියෝග කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝගය මත මෙම රේගු අධ්‍යක්‍ෂවරයා අද සිට මාරු කර ඇත්තේ රේගු පාරිභෝගික ආරක්‍ෂණ ඒකකයට බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙම අධ්‍යක්‍ෂවරයාගේ හදිසි මාරුවට මූලික හේතුව වී තිබෙන්නේ ආනයනය කළ ටොයොටා ප්‍රාඩෝ ජීප්රථ (ඔRJ - 150) දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ බදු අය නොකර නිදහස්‌ කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම බව රේගු වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී.

අදාළ විමර්ශන කටයුතු අඩාල කිරීම මෙහි මූලික පරමාර්ථය වී ඇතැයි පවසන වෘත්තීය සමිති නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම නීති විරෝධී ස්‌ථාන මාරු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ මුදල් ඇමැති රවි කරුණානායක මහතාට ඉදිරියේදී පැමිණිලි කරන බවයි.

සාමාන්‍යයෙන් රේගුවේ ඉහළ නිලධාරීන්ට මාරුවීම් ලබාදෙන්නේ ස්‌ථාන මාරු මණ්‌ඩලයක්‌ මගින් බව ද එහෙත් මෙම ස්‌ථාන මාරුව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අත්තනෝමතික ලෙස සිදුකර ඇති බව පැහැදිලි යෑයි ද වෘත්තීය සමිති ප්‍රකාශකයෙක්‌  ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4868727050259289751

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item