මෙවර නිදහස්‌ උළෙලේදී ජාතික ගීය පළමුවරට සිංහලෙන් හා දෙමළෙන් - රාජිත

මෙවර නිදහස්‌ උත්සවයේදී ප්‍රථම වතාවට ජාතික ගීය සිංහලෙන් හා දෙමළෙන් ගායනා කිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර...

මෙවර නිදහස්‌ උත්සවයේදී ප්‍රථම වතාවට ජාතික ගීය සිංහලෙන් හා දෙමළෙන් ගායනා කිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර ඇතැයි කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.කැබිනට්‌ තීරණ දැනුම්දීම සඳහා ඊයේ (28 වැනිදා) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ජාතික ගීය මෙතෙක්‌ කලක්‌ සිංහලෙන් පමණක්‌ ගායනා කළ අතර මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ලබන 04 වැනිදා ජාතික නිදහස්‌ දිනයේදී මේ අනුව ගායනා කෙරේ. කැබිනට්‌ මණ්‌ඩලයේ එක්‌කෙනෙකු දෙන්නෙකු ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට විරුද්ධව කතා කළද තමා මෙන්ම අනෙකුත් කැබිනට්‌ මණ්‌ඩල සාමාජිකයන් එහි කිසිදු වරදක්‌ නොදකින බව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසීය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6176145736295658426

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item