ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදේ සිදුකරන විනාශය බලන්න ඉන්දියාවේ දේශපාලඥයන්ට ආරාධනා කරනවා - අමාත්‍ය මහින්ද අමරවීර

ශ්‍රී ලංකා මුහුදේ ඉන්දීය ධීවරයින් විසින් ධීවර කටයුතුවල යෙදෙමින් සිදුකරන විනාශය පිළිබඳව සොයා බැලීමට ඉන්දීය දේශපාලඥයින්ට ආරාධනා කරන බව ධීවර...

ශ්‍රී ලංකා මුහුදේ ඉන්දීය ධීවරයින් විසින් ධීවර කටයුතුවල යෙදෙමින් සිදුකරන විනාශය පිළිබඳව සොයා බැලීමට ඉන්දීය දේශපාලඥයින්ට ආරාධනා කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පෑළියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

ලංකා මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම් වැඩිකරන ලෙසට නාවික හමුදාවට හා වෙරළාක්ෂක බලකායට උපදෙස් ලබාදී ඇති බැවින්, ඉන්දීය ධීවරයින් විශාල ලෙස අත්අඩංගුවට පත්වන බැවින්, මේ දිනවල ඉන්දියාවේ ද්‍රෝහියා වී ඇත්තේ තමා බවත්, එරට පුවත්පත් හා රූපවාහිනීවල තම පින්තූරය පළ වන බවත්, අමාත්‍යවරයා සඳහන් කරයි. තවද ඉන්දියාවේ දේශපාලඥයින්ගේ දෝෂදර්ශනයට ලක්වී ඇති බව ඔහු පවසා සිටියේය.

ඉන්දීය ධීවරයින් විසින් සිදුකරන බොටම් ට්‍රෝලිං ක්‍රමය තුළ අපේ රටේ ධීවරයින්ගේ ජීවනෝපාය මාර්ගයට බාධා කිරීම් පමණක් නොවෙයි, මුහුදු පත්ලද විනාශ වන අතර, ශ්‍රී ලංකාවේ ධීවර ජනතාව පිළිබඳව වගකීම ධීවර අමාත්‍යවරයා ලෙස තමාට තිබෙන බවත්, එම නිසා කිසිම අයෙකුගේ තර්ජනවලට බයේ කටයුතු කිරීමට සූදානම් නැතිබව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ, ඉන්දීය ධීවරයින්ගේ වගකීම ඉන්දියාව බලාගත යුතු බවයි.

පසුගියදා තමා උතුරු ප්‍රදේශයේ නිළ සංචාරයක යෙදුණු අතර, එහිදී උතුරේ ධීවර ජනතාව පළමු, දෙවන හා තෙවන ඉල්ලීම වූයේ ඉන්දීය ධීවරයින් විසින් සිදුකරන විනාශකාරී ධීවර කටයුතු වළක්වන ලෙසත්, උතුරේ ධිවර ජනතාවගේ ආදායම් තත්ත්වය අහිමි කිරීම හා බොටම් ට්‍රෝලිං වැනි තහනම් පන්න ක්‍රම භාවිතා කරමින් මුහුදු පත්ල විනාශ කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් සඳහන් කරයි.. එහිදී අමාත්‍යවරයා කන්කසන්තුරේ නාවික කඳවුරට අයත් ඩෝරා යාත්‍රාවකින් ගොස් ඉන්දීය ධීවරයින් සිදුකරන බොටම් ට්‍රෝලිං ක්‍රමය සියැසින් දැක ගැනීමටද හැකියාව ලැබිණ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8012236465874302258

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item