ජාතික කොඩිය විකෘති කර කොළඹ පුරා කටවුට්‌ - පාලකයෝ නිදි

"උරුමය හුවමාරු කරගැනීම" තේමාව යටතේ මෙම මස 15 වැනිදා සිට 17 වැනිදා තෙක්‌ කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේද...

"උරුමය හුවමාරු කරගැනීම" තේමාව යටතේ මෙම මස 15 වැනිදා සිට 17 වැනිදා තෙක්‌ කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්‌ථාන සහයෝගිතා ජාත්‍යන්තර ප්‍රදර්ශනය පිළිබඳව කොළඹ නගරය පුරා ප්‍රදර්ශනය කර ඇති ප්‍රචාරක පුවරුවල පකිස්‌ථාන ජාතික කොඩිය සමඟ භාවිතා කර ඇති ශ්‍රී ලංකා ජාතික කොඩිය විකෘති කර ඇත.මෙත්තා, කරුණා, මුදිතා උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විවරණ ඇතුළු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය සංකේතවත් කරමින් ජාතික කොඩියේ සිව්කොනේ ඇති බෝ කොළ සතර මෙම ජාතික කොඩියේ නැත.

දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ඇතුළු සුළුජාතීන් සංකේතවත් කරමින් ජාතික කොඩියේ ඇති කොළ සහ තැඹිලි වර්ණයෙන් යුත් තීරු දෙකද මෙම ජාතික කොඩියේ නොමැත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පනවා ඇති නීති රීති යටතේ විකෘති කරන ලද හෝ හානියට පත් වූ හෝ අවලක්‌ෂණ වූ හෝ ජාතික කොඩියක්‌ ප්‍රදර්ශනය කිරීම තහනම්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1083496554243610262

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item