බුදුන් වහන්සේත් දේශපාලනය කළා - අපි නඩු කියනවා

ආණ්ඩුව විසින් ගෙනඒමට යන්නේ බුදුන් වහන්සේ ජීවතුන් අතර සිටි‍යේ නම් උන්වහන්සේටද සිරබත් කෑමට සිද්ධකරන පනතක් බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී උද...

ආණ්ඩුව විසින් ගෙනඒමට යන්නේ බුදුන් වහන්සේ ජීවතුන් අතර සිටි‍යේ නම් උන්වහන්සේටද සිරබත් කෑමට සිද්ධකරන පනතක් බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. ඒ අනුව බුදුන් වහන්සේටද ආරාමයේ නොව සිරගෙදර වැඩ වාසය කරන්නට සිදුවන බව හෙතෙම කියා සිටියේ අද(18) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.'භික්ෂු විනය'නමැති සළුව අන්දවා භික්ෂුන් දේශපාලනයට ප්‍රවේශවීම වැළැක්වීමට මෙම පනත මගින් සූක්ෂම ලෙස ක්‍රියා කරන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

බුදු රජාණන් වහන්සේගේ මේ වන විට වැඩ හිටියානම් උන්වහන්සේටත් සිරබත් කන්න සිදුවෙන මේ පනත පිළිබද කරුණු දක්වන්න. මේ පනත බුදුන් දවස සම්මත කර තිබුනානම් එහෙමත් නැතිව බුදුන් වහන්සේ පිරිනිවන් පාන් නැතිව අදටත් වැඩ සිටියානම් උන් වහන්සේට ඉන්න වෙන්නේ සිපිරි ගෙදර මිස ආරාමයේ නෙවෙයි. 

අපි දන්නවා මේ ආණ්ඩුව අද උත්සහ දරමින් ඉන්නේ භික්ෂූ විණය කියන සළුපිලි අන්දවා භික්ෂුන් වහන්සේ දේශපාලණයට මැදිහත්වීම නතරකිරීමේ අරමුණින් නීති පැනවීමයි. 

බුදුරජාණන් වහන්සේ සෘජුව දේශපාලනයට මැදිහත්වුණා. තමන්ගේ සූත්‍ර දේශනාවල උන් වහනසේ රට පාලණය කල යුතු ආකාරය පිළිබද රජවරුන්ට දේෂණාකළා. ඒ වගේම ශාක්‍ය කෝලිය යුද ගැටුම් මැදට පැමිණ බණ දේෂණාකර එම ගැටුම් නතර කළා. කොසොල් රජතුමා ලිච්ඡවී රාජ්‍යය ආක්‍රමණය කිරීමට උත්සහ කළ විට එය අසාර්ථක වන්නේ ඇයි කියල දේෂණා කළා. විඩූදභ රජ්ජුරුවෝ ශාඛ්‍ය දේශය ආක්‍රමණය කරන්න යද්දී මැදිහත් වී එය නතර කළා. ඒ නිසා රාජ්‍ය පාලණයට සෘජුව මැදිහත්වුනු බුදුරජාණන්වහන්සේගේ මග යන මහ සඟරුවනටත් පරම අයිතියක් තියෙනවා දේශපාලණයට මැදිහත්වෙන්න.

ඒ වගේම තීර්ථකයො තමන්ට ආරාමයක් හදන්ට කොසොල් මහරජතුමන්ගෙන් අවසර අරන් කටයුතුකරද්දි බුදුරජාණන් වහන්සේ පයින්ම රජමාලිගාවට ගිහිල්ලා ඊට විරෝධය පෑවා. බුදුන්වහන්සේට රජුගේ ආණ්ඩුවේ තීරණවලට විරෝධය පාන්න පුළුවන්නම් බුදුහිමියන්ගේ මග ගමන්කරන බුද්ධපුත්‍රයන්ට පාගමනින් අරලිය ගහ මැදුරට ජනපති මන්ධිරයට ගිහින් ආණ්ඩුවට විරෝධය පාන්න බැරි ඇයි කියල අපි මේ ආණ්ඩුවෙන් අහනව.

ඒ වගේම මේ රටේ වසර 2300කට අධික කාලයක් පිරිසිදු බුදු දහම රැකීසිටීමට හේතුව භික්ෂූන් වහන්සේලා සටන්කාමීම කටයුතු කිරීමයි. අද තායිලන්තයේ 95% බෞද්ධයෝ. තුන්ලක්ෂයකට අධික භික්ෂුන් වහන්සේලා පිරිසක් එහි සිටිනවා. නමුත් ආසියාවේ ගණිකා මඩම ඒ රටටයි. ආසියාවේ තැබෑරුම ඒ රටටයි. වත්මන් රජය මේ පනත හරහා භික්ෂූන් වහන්සේලා බෙලහීන කරන්නේ තායිලන්තයට තරගයක් දීල මේ රට ආසියාවේ ගණිකාමඩම බවට ආසියාවේ තැබෑරුම බවට පත්කරගන්නද කියල අපි ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරනවා. 

ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 63 දෙනෙක් අන්‍යආගමිකයන්. භික්ෂුන්වහන්සේලා විනයේ පිහිටුවන්න නීති හදන්න අන්‍යගමිකයන්ට තිබෙන අයිතිය මොකක්ද කියල මේ ආණ්ඩුව අපට කිව යුතුයි. ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් භික්ෂුන්වහන්සේලා ඉන්නේ එක්කෙනයි. භික්ෂුන් වහන්සේලා විනයේ පිහිටුවීමට ගිහියන්ට ඇති අයිතිය මොකක්ද?

මහනකම කියන්නේ දුෂ්කර කටයත්තක්. භික්ෂුන්වහන්සේලාගේ අඩුපාඩු හොයන්නනම් හැමෝම ඉන්නවා. නමුත් ඔය විවේචකයන්ට පුළුවන්ද සිවුර දරාගෙන ඔය දුෂ්කර කාර්ය කරමින් සසුන රකින්න ඉදිරිපත්වෙන්න. එක් කියමනක් තියෙනවා ගවයෙක්ගේ ලොම් ගානට මහණ කලොත් අං ගාණට තමයි භික්ෂුන් ශාෂනයේ ඉතිරිවෙන්නේ කියල. ඒ ඉතුරුවෙන සොච්චමත් ශාසනයෙන් පලවා හැරලා වසර 2600 ක් රුකුණු බුද්ද සාෂනය අවසන් කරන්නද ආන්ඩුවට ඔනෙ කියල අපි අහනවා. 

මේකේ හරි අපුරු දෙයක් තියෙනවා මේ පනතේ නම ථේරවාදී භික්ෂු කතිකාවත ලියාපදිංචි කිරීමේ පනත. මේ පනතට ථේරවාදී නොවු නොත් භික්ෂුන් වහන්සේලාට අදාල වෙන්නේ නෑ. අපේ ලංකාවේ ඉන්න තිස් තුන් දහසක් පමණ ඉන්න භික්ෂුන් වහන්සේලා තිරණය කරනවා මේ ඔක්කොම අපි මේ ථේරවාදී බුදු දහමේ ඉන්න නිසයි අපි ඔක්කොම මහයානා වෙනවා. එතකොට මේ පනත යටතට කිසිම කෙනෙක් වැටෙන්නේ නැත. ථේරවාදී බුදු දහමේ මුලස්ථානය වන ලොවට ථේරවාදී බුදු දහමේ බෙද දෙන මධ්‍යස්ථානය වන ශ්‍රිලංකාවෙන් ලොවට ථේරවාදී බුදු දහම ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් විදිහටයි අපි දකින්නේ. අපිට මතකයි 1992 දී පුජ්‍ය පැල්පොල විපස්සි හිමියන් පුජ්‍ය බෙම්පෝ හිමියන් යන නමින් මහයානා ආගමේ නැවත පැවිදි වෙලා මහයානා ආගම මේ රටේ ව්‍යාප්ත කරන්නට අවාම භික්ෂුන් වහන්සේලාගේ විරෝධය අවාම ප්‍රේමදාස ජනාධිපතිතුමන් මැදිහත් වෙලා නැවැත්තුවා. මෙය ඉතාමත් උපක්‍රමශිලි ලෙස මේ රටෙන් ථේරවාදී බුදු දහමේ නැතිකරන්ද හදන්නේ කියලා අපි මේ බෞද්ධ විරෝධි ආණ්ඩුවෙන් අපි අහන්න කැමතියි. 

ඒ වගේම මේක මානව හිමිකම් කඩ කිරීමක්. ඔනැම සංවිධිනයක සමාජිකයෙක් වරදක් කලහොත් ඒ සමාජාකයාට ලබා දිය හැකි උපරිම දඩුවම සමාජිකත්වයෙන් ඉවත් කිරීමයි. අපි මතකයි එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ ඉන්න කාලේ පක්ෂයේ විනය කඩ කලා කියලා විවිධ පුද්ගලයන් පක්ෂයෙන් අයින් කලා. අපේ පිවිතුරු හෙළ උරුමයේ කවුරු හරි පක්ෂයේ විනය කඩ කරනවා නම් අපිට කරන්න පුළුවන් ලොකුම දඩුවම පක්ෂයෙන් අයින් කිරීමයි. අපිට අයිතියක් නෑ අල්ලලා හිරේ දාන්න පක්ෂයේ විනය කඩ කලා කියලා.

භික්ෂුන් වහන්සේලා කියන්නේ සංවිධිනයක්. භික්ෂුන් වහන්සේ නමක් විනයට විරෝධිව කටයුතු කරනවා නම් මහනායක හමුදුරුවන්ට පුළුවන් සාසනයෙන් ඉවත් කරන්න. උපවැදි කරන්න ඉට පසුවත් භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඉන්නවා නම් ඔන්න විහාර දේවාල ගම් අඥපනතේ විධිවිධාන තියෙනවා අපරාධනීය වරදක් විදිහට දඩුවම් කරන්න. සිසනයෙන් නෙරපු පසු දඩුවම් කල හැක එසේ නැතුව භික්ෂුවක් වී සිටියදී යම් විනයක් කඩ කලා කියලා හිරේ දාන එක මනව හිඩිමක් විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) 12(2) වගන්ති අමු අමුවේ උල්ලංගනය කිරීමක්. ඒ නිසා අද උදැසන පිවිතුරු හෙළ උරුමය මේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මෙය ජනමත විචාරණයකට යන්නය ශ්‍රේඨාධිකරණයෙන් ඉල්ලා සිටිමින් අද ශ්‍රේඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කලා. දැනට පෙත්සමක් ගොනු කරලා තියෙන්නේ අපි පමණයි. ශ්‍රේඨාධිකරණ නිර්ණය 1/ 2016 නැත්නම් SD/1/2016. යටතේ ඒ පෙත්සම ගොනුකරල තියෙනවා. ලබන සතියේදී එය ශ්‍රේඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. 

එතනදී මෙය කෙතරම් බෞද්ධ විරෝදීද විතරක් නෙවෙයි මානව හිමිකම් උල්ලංඝණය කරමින් එක පැත්තකින් අනික් පැත්තෙන් බුදු දහම පෝෂණය කොය සුරක්ෂිත කිරීමට රාජ්‍යයට පැවරුණු වගකීම ඉතාම නිනිදනීය ආකාරයෙන් මේ බෞද්ධ විරෝධී ආණ්ඩුව කඩකරතියෙනවාද කියන එක අපි ශ්‍රේඨාධිකරණයේදී කරුනු දක්වන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට ව්‍යවස්ථා විශාරදයෙක් වෙන ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මැතිතුමන් අපි වෙනුවෙන් කරුණුදක්වන්න ස්වේඡාවෙන්ම ඉදිරිපත්වී සිටිනවා. ඒ නිසා හොද නීති හරබයක් ලබන සතියේ ශ්‍රේඨාධිකරණයේදී සිදුවෙනු ඇතැයි බලාපොරෝතු වෙනවා. 

ඒ වගේම අපි දැක්කා ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද මේ පනත විවේචනය කර තිබෙනවා. ඇත්තෙන්ම උන්වහන්සේ විවේචනය කරන්නේ මේ පනත නෙවෙයි. උන්වහන්සේගේ පක්ෂයේ නායකයෙක් වන පා.ච.රණවක ඇමතිතුමන්ව. මොකද මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇමති මණ්ඩල අනුමැතිය ලැබුනට පස්සේ. පසුගිය අගහරුවාදා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරද්දී අපට දැනුම්දීමක් කලා මෙම කෙටුම්පතට ඇමතිමණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත කියලා. එහෙනම් පා.ච. රණවක මැතිතුමන් අනුමත කල දේ තදමි ඕමල්පේ සෝභිත හිමියන් අද විවේචනය කරන්නේ. ඒක අද පක්ෂය ඇතුලේ තියෙන අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිපල එලියට පැමිණීමක් විදිහටයි අපි දකින්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1046467333878724309

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item