නියම වේලාවට අපි වෙඩිමුරය පත්තු කරනවා - දිනේෂ්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අනිවාර්යයෙන්ම තරග කරන බවත් වෙලාවට වෙඩි මුරය පත්තු කරන බවත...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අනිවාර්යයෙන්ම තරග කරන බවත් වෙලාවට වෙඩි මුරය පත්තු කරන බවත් මහජන එක්සත් පෙරමුණේ නායක වන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඊයේ (11) පැවැසුවේය. දිවංගත පිලිප් ගුණවර්ධන මහතාගේ 115 වන ජන්ම දිනය නිමිත්තෙන් කොස්ගම, බොරලුගොඩ පිහිටි ඒ මහතාගේ සමාධියට ඊයේ (11) පුෂ්‍පෝපහාර දැක්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියේය.මෙරට ලියාපදිංචි පක්ෂ 50-60ක් පමණ තිබෙන බවත් ඒ පක්ෂයකින් හෝ වෙනත් සන්ධානයකින් අනිවාර්යයෙන්ම තරග කරන බවද එහිදී පැවැසීය. මෙරට ව්‍යවස්ථා සංශෝධනය සඳහා විදේශ නියෝජිතයන්ගේ සහාය ලබාගැනීම රටේ ඒකීයභාවයට හානියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එහිදී අවධාරණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8589443526670289406

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item