හුඟක් නිළියන්ට කලාව පාර්ට් ටයිම් රැකියාවක් තමයි – නදීෂා

නදීෂා හේමමාලි කලා ලෝකේ බොහොම ප්‍රසිද්ධ නමක්. ඒ වගේම ඇය අමුතු අමුතු වැඩකටයුතු එක්ක නිතර කරළියට එන චරිතයක්. මේ රිවිසරසි නදීෂා සමග කළ ...




නදීෂා හේමමාලි කලා ලෝකේ බොහොම ප්‍රසිද්ධ නමක්. ඒ වගේම ඇය අමුතු අමුතු වැඩකටයුතු එක්ක නිතර කරළියට එන චරිතයක්. මේ රිවිසරසි නදීෂා සමග කළ පුංචි කතාබහක්.

♦ නදීෂාගේ අලුත් ගීත වීඩියෝව අන්තර්ජාලයේ බොහෝම වේගයෙන් පැතිරෙනවා?
ඔව්. ඒක ඉරාජ් ‍ප්‍රොඩක්ෂන් එකක්. ඒ වීඩියෝවේ සංකල්පය ඒ අධ්‍යක්ෂතුමාගේමයි. ඒ වීඩියෝව වෙනුවෙන් මම ඉතාම ඉහළ ප්‍රතිචාර ලබමින් ඉන්නවා.

♦ මොන මොන වගේ ප්‍රතිචාරද නදීෂා ලැබුවේ?
මට නම් ඉතාම ඉහළ ප්‍රතිචාර තමයි ලැබුණේ. මට ප්‍රශංසා කරලා එස්.එම්.එස්. ආවා. ෆේස් බුක් එකේ ගොඩක් යාළුවෝ ඒක ඉතාම හොඳයි කියලා මට කීවා. මම ඒ ප්‍රතිචාරවලින් හරිම සතුටක් ලබනවා. ලංකාවේ මියුසික් වීඩියෝ ටේ‍රන්ඩ් එක අලුත් මාවතකට ගෙනියන්න ඒ වීඩියෝවට පුළුවන් වුණා කියලා ගොඩක් අය කියනවා. ඒ ගැන සතුටුයි.

♦ නමුත් ඇතැම් අය ඒක විවේචනය කරනවා අපි දකිනවා?
සමහරුන්ට හොඳ දෙයක් තව සමහරුන්ට හොඳ නැතුවා වෙන්න පුළුවන්. මම හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් බොහෝම මැදිහත්ව ඉවසනවා.

♦ ඒ රඟපෑම අභියෝගාත්මක වුණේ නැද්ද?
අපි කලාකාරයෝ. ඒ නිසා මට ඒක කලා නිර්මාණයක් විතරයි. ඒක කිසිම අභියෝගයක් ‍නෙවෙයි. මම කළේ නිර්මාණයට ඕන දේ. කාගෙවත් කතා මට වැඩකට නැහැ.

♦ ඒ කියන්නේ ඒ ප්‍රතිචාර නිසා නදීෂා කලබල වුණේම නැහැ?
කිසිම කලබලයක් නෑ. ඒ වගේ වීඩියෝවකට ඇයි සම්බන්ධ වුණේ කියලා කනගාටුවක් හිතුණෙත් නැහැ.

♦ නදීෂා කාවද අනුකරණය කරන්නේ?
කවුරුවත් අනුකරණය කරන්නේ නෑ. මම මමමයි.

♦ නදීෂා ෆීල්ඩ් එකට ආපු මුල් කාලයට වඩා ගොඩක් වෙනස්නේද?
මොකක්ද ඔයා කියන ඔය වෙනස?

♦ ෆීල්ඩ් එකට ආපු මුල අපි දැක්කේ බොහොම අහිංසක සාම්ප්‍රදායික ගැහැනු ළමයෙක්?
අපි අම්මගෙ බඩෙන් බිහිවෙන්නේ එක ස්වරූපයකින්. ටික කාලෙකින් අපි දණගානවා. ඇවිදිනවා. මුහුකුරා යනවා. මං හිතන්නේ දැන් මේ වෙනකොට මම අත්දැකීම්වලින් පරිණත වෙලා ඉන්නේ. වයසත් එක්ක කාටත් එහෙම වෙනස්කම් සිද්ධ වෙනවා.

♦ කලා ක්‍ෂේත්‍රයේ නදීෂාට යාළුවෝ නැති බව ඇත්තද?
හැමදාමත් මම කියන්නේ මගේ මිතුරාත්, හතුරාත් මමමයි කියලයි. යාළුවෝ ගොඩක් ආශ්‍රය කරන්න යන්නේ නැහැ මම. මට වැඩිපුර වටින්නේ මගේ නිදහසේ ජීවත්වෙන එකයි. යාළුවෝ ගොඩක් ආශ්‍රය කරන්න වෙලාවක් මට නැහැ. නමුත් මම මිත්‍රශීලී කෙනෙක්.

♦ කලා ක්‍ෂේත්‍රයේ ආශ්‍රය කරන්න තරම් හොඳ අය නැද්ද?
මේ ලෝකෙ කිසිම මනුස්සයෙක්ට හොඳ විතරක් පිහිටන්නෙත් නෑ. ඒ වගේම නරක විතරක් පිහිටන්නෙත් නෑ. ආශ්‍රය කරන්න විවිධ විධිවල මිනිස්සු අපට හම්බවෙනවා. අපි කල්පනාකාරී වීම නුවණට හුරුයි.

♦ හුඟක් නිළියන්ට කලාව පාර්ට් ටයිම් වැඩක් කියන්නේ ඇත්තද?
ඔව්. එහෙම තමයි. ඒකේ වරදක් නෑ. එක එක්කෙනාට ලැබෙන ආදායමේ ගැටලු තියෙනකොට හෝ නිසි ඇගයීම් නොලැබෙනකොට හෝ පාර්ට් ටයිම් විදියට කලාවේ නිරත වීම හරිම සාමාන්‍ය දෙයක්. කාටවත් ඒ ගැන වරදක් කියන්න බැහැ.

♦ ඇඟ පෙන්නන ඇඳුම් නිසා නදීෂා සෑහෙන්න බැණුම් අහනවා නේද?
මම විලාසිතා කරන්නේ මගේම විදියකටයි. මට ඒකෙ වරදක් පේන්නේ නෑ. මගේ විලාසිතාවලට මං කැමැතියි. එච්චරයි.

♦ එතකොට නදීෂා ඇරෙන්න රටේ අනික් කාන්තාවෝ විලාසිතා කරන හැටි වැරදිද?
ගොඩක් කාන්තාවෝ විලාසිතා කරද්දී වාරණයක් තමන්ටම දාගන්නවා. මේක උෂ්ණාධික රටක්. විලාසිතා කරද්දී අපි ඒ බව මතක තියාගන්න ඕනෑ. සම්පූර්ණයෙන් වහගෙන ඇඳුම් ඇඳලා උෂ්ණය නිසා අමාරුවේ වැටෙන්න නරකයි.

♦ ඒත් සංස්කෘතිය එක්ක විලාසිතාවලට සීමා පැනවීම සාමාන්‍යයි නේද?
ඔව්. ලංකාවේ සංස්කෘතිය වෙනස්. විලාසිතා සම්බන්ධයෙන් අපේ රටට ආවේණික කොටුවීමක් මේ තියෙන්නේ.
මම නම් කියන්නේ ෆැෂන් කියන්නේ ආත්ම විශ්වාසය. කවුරු මොනවා කීවත් තමන් ආස දේ ඇඳගෙන යන්න තමන්ට හයිය තියෙනවා නම් එච්චරයි.

♦ දේශපාලන වැඩ අතරමග නතර වුණා නේද?
නැහැ. මම දැනටත් ගාලු දිස්ත්‍රික්කේ එජාප සංවිධායක විදිහට වැඩ කරනවා. මම කරන කියන දේවල් මම ඉතාම හොඳ අවබෝධයක් ඇතුවයි කරන්නේ. ඒ නිසා හොඳ දේ හොඳ වෙලාවට කරන්න සැලසුම් කරගෙන ඉන්නවා.

♦ ඇයි හැමදාම විවාහය කල් දාන්නේ?
දැනට මම පෙම්වතියක්. විවාහය ගැන තවම මමත් හිතමිනුයි ඉන්නේ.

♦ මේ දිනවල නදීෂාගේ පෙම්වතා කව්ද කියලා එළි නොකරන්නේ ඇයි?
ප්‍රේම සම්බන්ධකම් කියන ඒවා ඉතිං සිද්ධවේවිද, නැද්ද කියලා කියන්න බැහැනේ. ජීවිතේ අපි නොහිතන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට මම විවාහ වෙයි. සමහර විට මම විවාහ නොවේවි. ඒ නිසා ඒ ඒ වෙලාවට ඒවා කියන්නම්.
සඳමාලි වර්ණසූරිය | ඡායාරූප – වෙනුර චන්ද්‍රමාලිත




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 4846562700219387063

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item