ජිනීවා යෝජනාවට අනුව කටයුතු කිරීමට බැඳී ඉන්නවා - අගමැති channel 4 එකට කියයි

ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා හා මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත ...

ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා හා මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද යෝජනාව අනුව ක්‍රියා කිරීමට අප බැඳී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

චැනල් ෆෝ නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී චැනල් ෆෝ වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියා විමසා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින කිහිපයකට ඉහතදී විදෙස් අධිකරණ හෝ විදේශීය විනිසුරුන් සහභාගි කර නොගන්නා බවට බී.බී.සී පුවත් සේවය සමග පවසා සිටි බවයි.

එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ‍සම්මත කළ යෝජනාව අනුව කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි.

අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක්දැයි චැනල් ෆෝ මාධ්‍යවේදියා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ලදුව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අතුරුදහන් වූවන් සිටින බව හා ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවයි.

එසේම සමහරවිට අතුරුදහන් වූවන් බොහොමයක් මේවන විට ජීවිතක්ෂයට පත්ව සිටින්නට ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6770056381469818402

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item