යෝෂිත රාජපක්‍ෂ FCID අත්අඩංගුවට - රොහාන්, නිශාන්ත ඇතුළු 4ක් අත්අඩංගුවේ!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද පෙරවරුවේ යෝෂිත රා...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ යෝෂිත රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමක් සඳහා නාවික හමුදා මූලස්ථානයට කැඳවා තිබුණි.

එහිදී සී.එස්.එන්. නාලිකාවේ සිදුවූවේ යැයි කියනු ලබන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන ලදී.

ඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි.

මේ අතර එම සිද්ධියටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග සහ තවත් පුද්ගලයෙකුද පොලස් මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2143713898623902717

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item