මැතිව්ස්ට FCIDයට

ශ්‍රී  ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා. එ් කුසල් ජනිත් සහ රංගන හේරත් මුදලට තර...

ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා. එ් කුසල් ජනිත් සහ රංගන හේරත් මුදලට තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීමට උත්සහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. එ් අනුව ලබන සඳුදා ඇන්ජලෝ මැතිව්ස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටිනු ඇති.මීට අමතරව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමනාකරු ජෙරිල් වවුටර්ස්ද ලබන අඟහරුවාදා දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත්ද ඉකුත් 12 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියා. කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉකුත්දා පැමිණිල්ලක්ද සිදු කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7875723458095947342

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item