උතුරු කොරියාව හයිඩ්‍රරජන් බෝම්බයක් අත්හදා බලයි (VIDEO)

හයිඩ‍්‍රජන් බෝම්බයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව අද (06) නිල වශයෙන් ප‍්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම අත්හදා බැල...

හයිඩ‍්‍රජන් බෝම්බයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව අද (06) නිල වශයෙන් ප‍්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම අත්හදා බැලීම සිදුකර ඇත්තේ එරට පිහිටි ප‍්‍රධාන න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන වැඩබිමකදී බව වාර්තා වේ. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය අද (06) උදෑසන වාර්තා කළේ උතුරු කොරියාවේ - පන්ගයිරායි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බවයි. එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් ලෙසටද සටහන් වී ඇත. පන්ගයිරායි ප්‍රදේශයේ සිට කිලෝමීටර් 50 ක දුරින් පිහිටි ප්‍රදේශවලට මෙම කම්පන තත්ත්වය සිදුව ඇති බවට වාර්තා වේ. චීනය, ජපානය සහ දකුණු කොරියාව චෝදනා කරන්නේ මෙම භූ කම්පනය උතුරු කොරියාව අද සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම හේතුවෙන් සිදුවන්නට ඇති බවටයි. උතුරු කොරියාව හයිඩ‍්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ පළමු අවස්ථාවද මෙය වන අතර එරට නායක කිම් ජොන් උන් ඉකුත් දෙසැම්බර් මාසයේ ප‍්‍රකාශ කළේ තම රට හයිඩ‍්‍රජන් බෝම්බයක් නිෂ්පාදනය කරමින් ඇති බවයි. ප‍්‍රාථමික අවදියේ න්‍යෂ්ටික බෝම්බයකට වඩා හයිඩ‍්‍රජන් බෝම්බයක් ප‍්‍රබල බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 2387010396381581057

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item