අමාත්‍යවරයා මේවා පේන්නේ නැතිව වගේ ඉන්නවා - සභාපති කම නොලැබීම ගැන අර්ජුනගෙන් මානවහිමිකම් පැමිණිල්ලක්

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පසුගිය ක්‍රිකට් නිලවරණය පැවැත් වීමේදී සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව කියමින් වරාය හා නා...

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පසුගිය ක්‍රිකට් නිලවරණය පැවැත් වීමේදී සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව කියමින් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ (08) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ. 

ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කළද සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තමන් තීරණය කළ බවද අර්ජුන රණතුංග පැමිණිල්ල ලබාදීමෙන් පසුව මාධ්‍යට පැවසීය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් “ අපි අලුත් ආණ්ඩුවක් හැදුවේ පසුගිය කාලේ කළ දේවල් නිලධාරීන්ට කරන්න දෙන්න නෙමෙයි. හරි දේ කරන්න. සමහර වෙලාවට නිලධාරීන් නිසා අමාත්‍යවරයා අසරණ වන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට අමාත්‍යවරයා මේවා පේන්නේ නැතිව වගේ ඉන්නවා. නමුත් අවසානයේදී අන්තිම වගකීම තියෙන්නේ අමාත්‍යවරයාට. එවැන්නක් සිද්ධ වෙන්නේ නැති නිසා තමයි අද මම මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ. සාධාරණය ඉටු කර ගෙන නිලධාරීන්ට එරෙහිව තීරණයක් ගන්න. දැන් තිලංග සුමතිපාල මහත්තයාම කල්පනා කරලා බලන්න ඕන තමන් ක්‍රිකට් ආයතනයට සුදුසුද? නැද්ද ? කියලා. අද ලෝක ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුවට ගිහිල්ලා තියෙන්නේ ජයන්ත ධර්මදාස මහත්තයා. ජයන්ත ධර්මදාස මහත්තය යන්නේ එතුමා සුදුසු නැති නිසා නේ. එහෙම නැත්නම් සුමතිපාල මහත්තයානේ යන්නේ. ඉතිං මම කියන්නේ ලෝකෙම පිළිගත්තේ නැති කෙනෙක් අපේ රටේ පිළිගෙන තියෙන්නේ...”



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5081492742628617463

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item