වැල්ලම්පිටියේ 3ක් මරයි - මේක චිකාගොවක් පාතාලය රටපුරා

වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ (09) මධ්‍යම රාතී‍්‍ර 12 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ වැල...

වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ (09) මධ්‍යම රාතී‍්‍ර 12 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ වැල්ලම්පිටිය ගෙවල් 20 ප‍්‍රදේශයේදීයි. එහිදී බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයින් තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත් වූ බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන්ගෙන් එක් අයෙකු 19 වන වියේ පසු වනවා. 24 සහ 49 යන වයස්වල පසුවන දෙදෙනෙක්ද වෙඩි ප‍්‍රහාරයට ලක්ව ජීවිතක්‍ෂයට පත් වුණා. ඔවුන් සියලූ දෙනා වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සැකකරුවන්ද කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැතැයි පොලීසිය පැවසුවා. 

යහපාලන ආණ්ඩුව පත්වූ පසු දිවයින පුරා දරුණු ලෙස පාතාලයේ හිස එසවීමක් ඇති ඇත ඒ සියලු සිදුවීම් ප්‍රභල දේශපාලකයින්ගේ අනුදැනුම මත සිදුවන බව නොරහසකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3004717917872401830

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item