මහින්දගේ ආරක්ෂකයන් තිදෙනෙකුගේ කළු සල්ලි සොයා බැංකු 79කින් තොරතුරු ඉල්ලයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිළධාරීන් තිදෙනෙකු විසින් එක්රැස් කරන ලදැයි කියන මූල්‍ය හා දේපල පිළිබඳ තොරතුරු රහස් පොලීසියට ලබ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිළධාරීන් තිදෙනෙකු විසින් එක්රැස් කරන ලදැයි කියන මූල්‍ය හා දේපල පිළිබඳ තොරතුරු රහස් පොලීසියට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මෙරට බැංකු හා මුල්‍ය ආයතන 79 ක කළමණාකරුවන්ට අද(10) නියෝග කළේය.

ඔවුන්ගේ හා ඥාතීන්ගේ නම් වලින් බැංකුවල සහ මුල්‍ය ආයතන වල ඇති වත්කම්වල තොරතුරු අවශ්‍ය වී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

ඒ අනුව මෙරට ඇති වානිඡ්‍ය බැංකු 32ක සහ මුල්‍ය ආයතන 47ක කළමණාකරුවන්ට අදාල සැකකරුවන්ගේ ගිණුම් තොරතුරු ලබා දෙන ලෙස නියම කළේය.

දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් රහස් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ මුල්‍ය විමර්ශන අංශය මෙම සිද්ධිය පිළිබදව පරික්ෂණ ආරම්භ කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිළධාරීන් ලෙස කටයුතු කළ වන්නිආරච්චි නෙවිල්, තිස්ස විමලසේන හා දමිත් ගෝමිස් රණසිංහ පිළිබඳ මෙලෙස පරිකෂණ ආරම්භ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1768820670592486061

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item