මාධ්‍යවේදීන්ට බැණවැදීම අගමැති මාධ්‍යයට කළ අනිසි බලපෑමක්‌ - විජිත හේරත්

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ට බැණවදිමින් පාවිච්චි කළ සමහර වචන කිසිසේත් අගමැතිවරයකුට නොගැලපෙන බව ජනතා විමුක්‌ති පෙ...

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ට බැණවදිමින් පාවිච්චි කළ සමහර වචන කිසිසේත් අගමැතිවරයකුට නොගැලපෙන බව ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කරයි.

මෙය අගමැතිවරයා මාධ්‍ය වෙත කළ අනිසි බලපෑමක්‌. මාධ්‍ය නිදහස තිබිය යුතුයි. ඒකයි යහපාලනය කියන්නේ.

මාධ්‍ය තුළ එතරම් සැලකිල්ලට ලක්‌ කළ යුතු නැති පුද්ගලයන් සහ සිද්ධීන් ගැන අගමැතිවරයා බරපතළ ලෙස ප්‍රකාශ කළා. ඒක මාධ්‍යයට කළ අනිසි හා වක්‍ර බලපෑමක්‌. සෘජුව නම නොකියා තර්ජනය නොකළත් ඒ කළ ප්‍රකාශ තුළ පැහැදිලිවම බලපෑමක්‌ තිබෙනවා.

පාවිච්චි කළ සමහර වචන අගමැතිට ගැලපෙන්නේ නෑ. ප්‍රවෘත්තියක්‌ තුළ අඩංගු දේ විවේචනය කරන්නත් පුළුවන්. ඒත් අනවශ්‍ය වචන භාවිතය සදාචාරාත්මක නෑ. මාධ්‍ය නිදහස තිබෙනවා කීවාම ඒකට මේ ප්‍රකාශ බලපෑමක්‌. යහපාලනය ප්‍රශ්නාර්ථයකට ලක්‌වෙනවා. අගමැතිවරයාගේ ප්‍රකාශයේ වචන හා වාග් විලාශය අනුමත කරන්න බෑ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6935327824251247928

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item