දහවෙනි වරටත් අල්ලස් කොමිසම මග හරින යහපාලන රාජිත

සෞඛ්‍ය ඇමති සහ සම කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න 10 වෙනි වරටත් අල්ලස් කොමිසම මගහැර ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි. පසුගිය ජනවාර...

සෞඛ්‍ය ඇමති සහ සම කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න 10 වෙනි වරටත් අල්ලස් කොමිසම මගහැර ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය ජනවාරි 24වෙනිදා අල්ලස් කොමසමට පැමිණෙන ලෙස එම කොමිසම ඇමතිවරයාට දැනුම් දී තිබිණ. ඒ ධීවර ඇමතිවරයා සමයේ සේනාරත්න සිදුකලේයැයි කියන වංචා සහ දුෂණ පැමිණිලිවලට අදාල ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සදහායි.

මීට පෙර අවස්ථා 09කදීම මෙලෙස කොමිසම හමුවට පැමිණෙන ලෙස සේනාරත්නට දැනුම් දී ඇතත් විවිධ හේතු දක්වමින් ඔහු එම අවස්ථාවන් මගහැර තිබේ. මෙවරද අල්ලස් කොමිසමේ කොමසාරිස්වරිය අමතා ඇති සේනාරත්න ජනාධිපතිවරයා සමග හදිසි රැුස්වීමක් යෙදී ඇති බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

මේ අතර වංචනික කටයුතුවලට සම්බන්ධයැයි චෝදනා නැගී ඇති සීනෝර් ආයතනයේ හිටපු කලමනාකරණ අධ්‍යක්‍ෂකවරයාට නැවතත් සීනෝර් ආයතනයේ සභාපපති ධූරයට පත් කිරීමට සේනාරත්න දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.

සමපෝෂ ආයතනයේ සභාපතිවරයා ලෙස ඔහු පත් කිරීමට රාජිත සේනාරත්න උත්සාහ දැරූවද එයද අසාර්ථක වී ඇති අතර පසුව ඔහුට මාතලේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල ලබාදීමට සේනාරත්න ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩිට බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.

චෝදනාවට ලක්වන සීනෝර් ආයතනයේ හිටපු කලමනාකරණ අධ්‍යක්‍ෂ වරයා රාජිත සේනාරත්න ඇමතිවරයාට එරෙහි රහස් පොලිස් පැමිණිල්ල ලිපි ගොනුවෙන් ඉරා ගිලදැමූ බව පවසා ඇති අතර, සේනාරත්න ඊට සැලකිල්ලක් ලෙස ඔහුට ඉන්ධන පිරවුම්හල ලබාදීමට කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

– සුපුන් රාජසේකර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6629118300615492437

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item