සමෘද්ධි අධිකාරිය ආරම්භ කළේ දෙපයින් නැගීසිටින්නට කැමති ජනතාවගේ දෙපා ශක්තිමත් කරන්නයි

"1994 දී අපේ ආණ්ඩුවක් යටතේ සමෘද්ධි අධිකාරිය ආරම්භ කළේ මේ රටේ දෙපයින් නැගී සිටීමට සුදානම් සහෝදර සහෝදරයින්ගේ දෙපා ශක්තිමත් කරන්නයි. ...

"1994 දී අපේ ආණ්ඩුවක් යටතේ සමෘද්ධි අධිකාරිය ආරම්භ කළේ මේ රටේ දෙපයින් නැගී සිටීමට සුදානම් සහෝදර සහෝදරයින්ගේ දෙපා ශක්තිමත් කරන්නයි. ඔවුන් දෙපයින් නැගී සිටීමට සූදානම් වුවත්, ඔවුන්ට ඒ සඳහා නොයොකුත් ප‍්‍රශ්න ගැටළු තිබෙනවා. ඒවාට පිළියම් සොයන්නයි සමෘද්ධිය ආරම්භ කළේ. සමෘද්ධියේ නම දිවි නැගුම වශයෙන් වෙනස් වුවත්, මෙය ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක්. ඒ නිසා ජාතික ආණ්ඩුවක් වශයෙන් අප මේ රජය යටතේත් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙනියනවා" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
මෙම අදහස් පළකළේ, දිවි නැගුම ව්‍යාපෘතිය මගින් අඩු ආදායම්ලාභීන්ගේ ජීවන මට්ටම උසස් කිරීම වෙනුවෙන් ඔවුන් වෙත ස්වයං රැකියා උපකරණ කට්ටල බෙදාදීම සඳහා ඊයේ (02) දෙහිඕවිට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානය කරතිබූ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය ඔහු ......,

"අපි අද දවසේ සිදුකරන්නේ මේ සමෘද්ධි ප‍්‍රථිලාභ දිගින් දිගටම ලබාදීමේන් ඔබ්බට ගිහින්, ප‍්‍රථිලාභී සහෝදර සහෝදරියන් ප‍්‍රථිලාභියෙක් නොවන තැනකට ශක්තිය දීමයි. ශක්තිමත්ව තමන්ගේ ආදායමක් උපයා ගනිමින් ඉදිරියට යන්න ඔවුන්ට ශක්තියක් දෙන්නයි අපි මේ උත්සාහ කරන්නේ. අද මේ ලබාගන්නාවූ ප‍්‍රථිලාභ උපයෝගී කරගෙන "තමන්ටම කියා ශක්තිමත් ජීවනෝපාය මාර්ගයක් තනා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා"යි ප‍්‍රාර්ථනා කරනවා" යැයි පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7158550693779364560

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item