ඇඹිලිපිටිය ඒ.එස්.පී. රහස් පොලිස් භාරයට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේදී ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.සී. ධර්මරත්න අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ ...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේදී ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.සී. ධර්මරත්න අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ පසුගිය ජනවාරි 04 වැනිදා සිදුවූ සුමිත් ප්‍රසන්නගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහාය.

සාදයක් අතරතුරදී ඇඹිලිපිටිය පොලීසිය සහ සාදයට සහභාගි වූ පුද්ගලයන් අතර ඇතිවූ ගැටුම්කාරී තත්වයක් අතරතුර සුමිත් ප්‍රසන්න මියගිය අතර මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසියේ නිළධාරීන්ට සහ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයාට චෝදනා එල්ල විය. මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය උසාවියේ නඩුවක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල සිදුවීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ප්‍රශ්න කරමින් සිටී. රහස් පොලිස් ආරංචිමාර්ග පවසන්නේ ඔහු හෙට (03) දිනයේදී ඇඹිලිපිටිය උසාවියට හමුවට පැමිණවීමට නියමිත බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6388844642464194496

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item