කුඩු ලාල් (ලාල් පීරිස්) ඉටිපන්දමෙන් පළාත් පාලන මැතිවරණයට? - යහපාලනයේ අනුග්‍රහයෙන්

අවුරුදු 05 කට ආසන්න කාලයක් ලන්ඩනයේ ජීවත් වූ ලාල් පීරිස් හෙවත් 'කුඩු ලාල්' මේ වනවිට නැවතත් ශ්‍රී ලංකාව පැමිණ ඇති බව වාර්තා වේ. ලන්...

අවුරුදු 05 කට ආසන්න කාලයක් ලන්ඩනයේ ජීවත් වූ ලාල් පීරිස් හෙවත් 'කුඩු ලාල්' මේ වනවිට නැවතත් ශ්‍රී ලංකාව පැමිණ ඇති බව වාර්තා වේ. ලන්ඩනයට යන එන පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ප්‍රසිද්ධියේම ලාල් පීරිස් හමුවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය කිහිපවතාවක්ම හෙළිදරව් කර සිටියේය. පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ පැවති රග්බි ලෝක කුසලානය නැරඹීමට ගිය ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකු හමුවී ඇති ලාල් පීරිස් තමාට නැවත ලංකාවට පැමිණ දේශපාලනයේ නියැලීමට උදව් කරන්නැයි ඉල්ලා ඇත. ඒ අනුව අදාල අමාත්‍යවරයාගේ අනුග්‍රහයෙන් ලාල් පීරිස් පසුගිය දෙසැම්බරයේදී නැවත ලංකාවට පැමිණ තිබේ.  කලින් කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ලාල් පීරිස් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එජාපයෙන් නාමයෝජනා නොලැබුණහොත් නැවතත් 'ඉටිපන්දම' ලකුණෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී. ලාල් පීරිස් සතුව පවතින ගිනිඅවි බලපත්‍රය පවා ලබාදී තිබෙන්නේ පසුගිය එජාප රජය සමයේදී වත්තල ප්‍රදේශය නියෝජනය කරන ප්‍රබල එජාප අමාත්‍යවරයෙකු විසින්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9120976281474663585

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item