නව පක්ෂයක් බිහිවීම අනිවාර්යයි - මහින්ද

නව පක්ෂයක් බිහිවීම අනිවාර්යයෙන් සිදුවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සවයකින් අනතුරු...


නව පක්ෂයක් බිහිවීම අනිවාර්යයෙන් සිදුවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර තිබේ.

ඒ මහතා පෙන්වාදෙන්නේ ජනතාව තුළ නව පක්ෂයක් බිහි කිරීම සඳහා විශාල උනන්දුවක් පවතින බවයි.

මේ අතර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදෙන්නේ කුමන්ත්‍රණකාරී බලවේගවල ක්‍රියාකාරිත්වය නිසා නැවතත් රටේ නිවහල් භාවය ගිලහී ගොස් ඇති බවයි.

දශක 04ක ත්‍රස්ථවාදයෙන් දිනාගත නොහැකි වූ දෙය විදේශ බලවතුන්ගේ පිහිටෙන් ලබාගැනීමට බෙදුම්වාදීන් බලාපොරොත්තු වන බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

රටේ නිවහල්භාවය නැවත ප්‍රතිස්ථාපණය කිරීම, භෞමික අඛණ්ඩතාවය තහවුරු කිරීම, ඇණහිට තිබෙන ආර්ථික සංවර්ධනය නැවත ආරම්භ කිරීම සඳහා 68 වන නිදහස් දිනය සමරන අවස්ථාවේ ජනතාව ඉදිරියේ ශපතකරන බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2522686278484572786

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item