ලෝක වෙළඳපළේ ඉන්ධන මිල තවදුරටත් පහල යයි - ලංකාවේ කිසිවිට අඩු කරන්නේ නැත

ලෝක වෙළඳපළේ ඉන්ධන මිල තවදුරටත් පහල යමින් පවතින බව වාර්තා වෙයි. අමෙරිකානු වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේද සියයට 05 කින් පමණ පහල ...

ලෝක වෙළඳපළේ ඉන්ධන මිල තවදුරටත් පහල යමින් පවතින බව වාර්තා වෙයි.

අමෙරිකානු වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේද සියයට 05 කින් පමණ පහල ගොස් ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ මුල්‍ය වෙළඳපළ අර්බුදයකට ලක්වෙමින් පවතින බව ද විශ්ලේශකයින් පෙන්වාදෙයි.

සම්බාධක ඉවත් කිරීමෙන් පසු ඉරානය තෙල් නිෂ්පාදනය දෛනිකව බැරල් අසු දහසේ සිට මිලියන 3 දක්වා ඉහළ නංවා ඇති අතර ඉරාකය ද ජනවාරි මාසයේ සිට දෛනික තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 04.35 දක්වා ඉහළ නංවා තිබේ.

සෞදි අරාබිය ද තෙල් අපනයනය ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි. මෙම තත්ත්වය තෙල් මිල පහත යාමට විශේෂයෙන් බලපා තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල කිසිම විට අඩු කිරීමක් සිදු නොකරන බව පසුගියදා යහපාලන ආණ්ඩුව විසින් දන්වනු ලැබිණ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8236686301979349558

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item