දයා ගමගේගේ ආරක්ෂකගේ ඉණේ තිබුණු පිස්තෝලය අතුරුදන්

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ඇමැති ආරක්ෂක අංශ පොලිස් කොස්තාපල්වරයකුගේ බඳ පටියේ රඳවා තිබූ පිස්තෝලයක් අස්ථ...

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ඇමැති ආරක්ෂක අංශ පොලිස් කොස්තාපල්වරයකුගේ බඳ පටියේ රඳවා තිබූ පිස්තෝලයක් අස්ථානගතව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්ආරම්භ කර ඇති බව කොහුවල පොලිසිය පවසයි. අමාත්‍ය දයා ගමගේ ඉකුත් 29 වැනි දින පස්වරුවේ සහභාගි වූ වැඩසටහනකට ආරක්ෂාව සපයමින් සිටියදී එකී කොස්තාපල්වරයාගේ ගිනි අවිය එසේ අස්ථානගතව ඇති බව කියයි.

කොහුවල පොලිසිය නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න වෙත කරන ලද කරුණු දැක්වීමක් අනුව එම සිද්ධිය අනාවරණය කෙරිණි. ගිනි අවිය භාවිත කළ කොස්තාපල්වරයාගේ ජංගම දුරකතන වාර්තාවක් ලබා ගන්නා ලෙසටද අධිකරණයෙන් කොහුවල පොලිසියට නියම කෙරිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2141370710017819734

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item