කුමන විෂයකින් සමාජගත වූ පුද්ගලයකුට වුවත් ක්‍රීඩාව ශරීර සෞඛ්‍යයට ඉතා වැදගත් - ඇමති සියඹලාපිටිය

කුමන විෂයකින් සමාජගත වූ පුද්ගලකුට වුවත් ක්‍රීඩාව ශරීර සෞඛ්‍යට ඉතා වැදගත් යැයි 2016 ජනවාරි 25 දින සිට 30 වන දින දක්වා පැවති “ක්‍රීඩා හා ශ...

කුමන විෂයකින් සමාජගත වූ පුද්ගලකුට වුවත් ක්‍රීඩාව ශරීර සෞඛ්‍යට ඉතා වැදගත් යැයි 2016 ජනවාරි 25 දින සිට 30 වන දින දක්වා පැවති “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍ර‍වර්ධන සතිය” අවසන් කරමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ජනවාරි 30 වන දින “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන විශේෂ දිනය” ට සමගාමීව එම දිනය සනිටුහන් කරමින් අමාත්‍යතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් ක්‍රීඩාව පිළිබදව සමාජය දැනුවත් කිරීමේ අරමුණින් පා ගමනක් ද පැවැත්වූ අතර ක්‍රීඩාව දිස්ත්‍රික්කය තුළ වර්ධනය කිරීම සදහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රීඩා ගාරයක් ද එදින අමාත්‍යතුමා විසින් විවෘත කරන ලදී.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය,

"අද ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍ර‍වර්ධන සතියේ අවසාන දිනය. ක්‍රීඩාව මිනිසාගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ඉතාමත් වැදගත් සාධකයක්. අද සමාජයේ වැඩි පිරිසක් බෝ නොවන රෝගවලින් පෙළෙනවා. එයට ප්‍ර‍ධානම හේතුව වෙලා තියෙන්නේ ව්‍යායාම වල නොයෙදීම. ශරීර සෞඛ්‍යට ක්‍රීඩාව පුරුද්දක් කරගැනීම ඉතා වැදගත්. ඒ මගින් නිරෝගිමත්, ප්‍රීතිමත් ක්‍රීඩාශීලී පරපුරක් ගොඩනැගීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම රටට ප්‍රදේශයට කීර්තිය ගෙන එන්න ක්‍රීඩාව විශාල සාධකයක් වෙනවා. වැදගත්ම දේ තමයි මේ මගින් ජය පරාජය විද දරාගන්න ක්‍රීඩාවෙන් ලොකු පිටිවහලක් ලැබෙනවා. ඒ නිසා මම සියලු දෙනාට ආරාධනා කරනවා ක්‍රීඩකයෙක් වෙන්න කියලා." යැයි පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4716239857441827987

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item