කතානායක සහ ගම්මන්පිළ ඊයේ ගැටුණේ මෙහෙමයි

ඊයේ (02) දින පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් කතානායක කරූ ජයසූරියගේ තීරණයක් දැඩි විරෝධයට ලක් කළේ ය. වාචික පි...

ඊයේ (02) දින පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් කතානායක කරූ ජයසූරියගේ තීරණයක් දැඩි විරෝධයට ලක් කළේ ය.

වාචික පිළිතුරු අපේක්ෂිත ප‍්‍රශ්න වටයක් තුළ ඇති වූ සංවාදයක දී මෙම උණුසුම් තත්ත්වය හටගත්තේ ය.

උදය ගම්මන්පිල විසින් "ගෝලීය දමිළ සංසදය සහ තවත් සංවිධාන කිහිපයක තහනම ඉවත් කර ඇත්දැ"යි යනුවෙන් යොමු කළ ප‍්‍රශ්නයකට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පිළිතුරු ලබා දුන් අතර එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ගම්මන්පිල නැවත එම ප‍්‍රශ්නය විමසීමත් සමගයි මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත්තේ.

පසුව කථානායක කරූ ජයසූරිය විසින් අතුරු ප‍්‍රශ්නයක් මතු කිරීමට උදය ගම්මන්පිලට අවස්ථාවක් ලබාදුන්න ද ඔහු එය ප්‍රතික්ශේප කරමින් පවසා සිටියේ තමන් කතානායකවරයාගේ තීරණයට විරෝධය පාන බවත්, කතානායකවරයා මීට වඩා වගකීමෙන් යුතුව වැඩ කළ යුතු බවත් ය.

වීඩියෝව පහතින්.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2070714124782693957

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item