ඇඹිලිපිටියේ සුමිත්ගේ බිරිඳ කෝටියක් වන්දි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට

ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මරණයට පත් වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ බිරිඳවන ශෂිකා නිශාමනි මුණසිංහ මහත්මිය විසින් අද (02) රුපියල් මිලියන...

ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මරණයට පත් වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ බිරිඳවන ශෂිකා නිශාමනි මුණසිංහ මහත්මිය විසින් අද (02) රුපියල් මිලියන 10 ක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඇඹිලිපිටියේ හිටපු සහකාර පොලිස් අධිකාරි ඩී.ඩබ්ලිව්.සී ධර්මවර්ධන මහතා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙක් අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට අදාල 11,12 (1), 13 (4) යන වගන්ති වගඋත්තරකරුවන් අතින් කඩ වූ බව ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ. එසේ ම ඝාතනයට අදාල සාක්ෂිකරුවන් බිය වැද්දවීම වළක්වන ලෙස ද පොලීසියට නියෝග කරන ලෙස ද එමගින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

එසේ ම සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ බිරිඳවන නිශාමනී මුණසිංහ විසින් ඊයේ (01) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ද ගොනු කරනු ලැබී ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7191333538328015454

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item