ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්!

ව්‍යවස්ථාව උල්ලංගනය කර කටයුතු කිරීම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි තත්වයේ බරපතල වරදක් බව උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව පැ...

ව්‍යවස්ථාව උල්ලංගනය කර කටයුතු කිරීම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි තත්වයේ බරපතල වරදක් බව උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඇද්ද පවතී මාධ්‍ය හමුවකදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, 

අපි දන්නවා පෙබරවාරි 04 වෙනිදා නිදහස් උත්සවයේ දී දෙමළ භාෂාවෙන් ජාතික ගීතය ගායනා කිරීමට ඇමති මණ්ඩලය තිරණයක් අරගෙන තියෙනවා. ඇමති මණ්ඩලයේ තීරණය ව්‍යවස්ථා විරෝධියි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත් වන වගන්තියෙන් කියවෙනවා ශ්‍රි ලංකාවේ ජාතික ගීතය ශ්‍රි ලංකා මතා වන්නේය. ජාතික ගීයේ සංගීතය සහ පදමාලාව තුන්වන උප ලේඛනයේ සඳහන්ය. එහි සඳහන් වන්නේ පද මාලාවට “ශ්‍රි ලංකා මතා අපි ශ්‍රි .... ලංකා ” යනුවෙන් අප ගායනා කරන ගීතයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසු තුන්වන වගන්තියේ කියනවා මේ ජාතික ගීයට යම් සංශෝදනයක් කළ යුතු නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සම්මත වෙලා ජනමත විචාරනයකදී ජනතාව විසින් ද අනුමත කළ යුතුයි කියලා. ජාතික ගීය බිහිවුනු කල පටන්ම ශ්‍රි ලංකා තායි නමින් දෙමළ අනුවාදනයක් තිබෙන බව සත්‍යයක්. නමුත් එය ජාතික ගීයක් බවට පත් වන්නට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසුතුන්වන වගන්තියේ සඳහන් ආකාරයට වෙනස් කර හත්වන වගන්තියත් සංශෝදනය කර තුන්වන උප ලේඛනයට ඇතුලත් කල යුතුය. එහෙම කළේ කවදාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 දී සම්මත කරන කොටත් මේ දෙමළ අනුවාදනය තිබුණා. 1952 සිට මේ දෙමළ අනුවාදනය ති‍බෙන්නේ. හැබැයි එය අපේ රටේ නිල ජාතික ගීතය නෙවෙයි. අපේ රටේ නිල ජාතික ගීතය වෙනුවට වෙනත් යමක් ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන වගන්තිය පැහැදිලිවම උල්ලංගනය කිරිමක්. ව්‍යවස්ථාව උල්ලංගනය කර කටයුතු කිරීම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි තත්වයේ බරපතල වරදක්. ජනාධිපතිතුමා පුරුද්දට වගේ ව්‍යවස්ථාව උල්ලංගනය කරනවා. එතුමා ජනාධිපති වෙලා පළමු විනාඩි පහ ඇතුලත රනිල් විත්‍රමසිංහ මහතා අගමැති කළේ, අගවිනිසුරුවරයා ගෙදර යැවුවේ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින්. දැන් ජාතික ගීය දෙමළෙන් ගායනා කරලා නැවත වතාවක් ව්‍යවස්ථාව උල්ලංගනය කරනවා.

දැන් ජනප්‍රිය තර්කයක් මතු කරලා තියෙනවා දෙමළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු වන්නේ “ශ්‍රි ලංකා මාතා” නොව එහි දෙමළ අනුවාදනයයි. එ නිසා එය ද පිළිගත් ජාතික ගීයක් කියාය. සම්පුර්ණයෙන්ම වැරදියි.දෙමළ බස ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් වන්නේ 1987 දී ඉදිරිපත් කල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයෙන්. 1978 දී හත්වන වගන්තිය ඇතුලත්ව සංශෝදනය කරන කොට සිංහල පමණයි රාජ්‍ය භාෂාව ලෙස තිබුණේ. එ නිසා සිංහල පිටපත පමණයි නීතිඥ්‍යනුකුල වුණේ. 1987 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ඉදිරිපත් කලාට පස්සේ ඉදිරිපත් කල සැම පනතකම යටින් සඳහන් කරලා තියෙනවා මෙහි සිංහල හා දෙමළ පිටපත අතර යම් අනුකූලතාවයක් ඇති වුණොත් සිංහල පිටපත බලපවත් වන්නේය. එවැනි දෙයක් යෙදි ඇතිතේ රාජ්‍ය භාෂා දෙකක් තිබුණු නිසා. නමුත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට කලින් සිංහල පිටපත විතරයි නිල පිටපත වුනේ. අනෙක් ඕනෑම එකක් එහි පරිවර්ථන පමණයි. මම උදය මගේ ගැන තියෙන රචනාවක් දෙමළට පරිවර්ථනය කරද්දි මගේ නම උදයන් හරි උදයම් හරි කරන්න බෑ. එය ඉංග්‍රිසියට පරිවර්තනය කරද්දි උදය මොර්නින් වෙන්නේ නෑ. උදය උදයමයි. අපි ව්‍යාකරනයෙන් කියනවානම් ගුණනාම පරිවර්ථනය කරත් සංඥානාම පරිවර්තනය කරන්නේ නෑ. ගීත වල තියෙන්නේ සංඥනාම මිස ගුණනාම නෙවෙයි. ගීතයක් පරිවර්තනය කරන විට පරිවර්තනය කරන භාෂාවෙන් ලියනවා මිස එහි ආර්ථය පරිවර්තනය වීමක් වෙන්නේ නෑ.

දෙමළ අනුවාදනයක් පැවතීමට අපි විරුද්ධ නෑ. ප්‍රදේශිය උත්සව වලදී, පාසල් වලදී, දෙමළ දරුවන් දෙමළින් ගීතය ගායනා කීරිමට අපි විරුද්ධ නෑ. ඒ අයට එකේ අගය දැනෙන්න දෙමලෙන් කියන්න ඕනේ. නමුත් එය නිල ජාතික ගීතය නෙවෙයි තමන්ට තේරෙන භාෂාවට පරිවර්තනය කරලා තේරුම් ගත්තාට කමක් නෑ. රාජ්‍ය නිල උත්සව තිබිය යුත්තේ එක ජාතික ගීතයයි. බහු භාෂා තියෙන රටවල් විදිහට කැනඩාව, සුවිස්ටර්ලන්තය, දකුණු අප්‍රිකාව, පිජි, නවසීලන්තය මේ රටවල් පහේ ජාතික ගීය එක භාෂාවකට වඩා වැඩියෙන් ගායනා කරන්න ඓතිහාසික හේතු තියෙනවා. නවසිලන්තය අදටත් ඉංග්‍රිසි යටත් විජිතයක්. නමුත් වැඩිපුර ජිවත් වන්නේ මොරිවරුන් තමයි.

ඔවුන්ට කරන ගෞරවයක් වශයෙන් මොරිභාෂාවෙනුත් ජාතික ගීය ගායනා කරනවා. ඒවගේම තමයි පිජි වලත්. මේ සෑම රටකටම ඓතිහාසික සාධාරණ හේතු තිබෙනවා. නමුත් ලංකාවේ එහෙම හේතුවක් නෑ. දෙමළ භාෂාවෙන් ජාතික ගීතයක් අවශ්‍ය නම් එහි වැඩි අයිතිය තියෙන්නේ දෙමළ නිජ බිම වන තමෙල්නාඩුවේ. ලංකාවේ මිලියන 03යි දෙමළ ඉන්නේ තමිල්නාඩුවේ මිලියන 60ක් ඉන්නවා. නමුත් ජාතික ගිතය ගායනා කරන්නේ සංස්කෘත බෙංගාල භාෂාවෙන්. ඉන්දියාවේ ජනගහනය මිලියන 1200ක්. නිල භාෂා 23ක් තියෙනවා. ප්‍රදේශිය භාෂාවන් තියෙනවා 1721ක් නමුත් ඉන්දිය ජාතික ගීතය ගායනා කරන්නේ එකම භාෂාවකින්. එකෙන් තමයි ජාතින් අතර සමගිය ඇතිවෙන්නේ තනි ජාතියක් කියන හැගීම ඇති වෙන්නේ. ජාතික ගීය ජාතික කොඩිය ජාතිකත්වයේ සංකේතයි. එවැනි දෙකක් තිබිමෙන් ජාතිය දෙකට කැඩෙනවා. මේ දවස් වල ලොකු හඩක් නැගුවා සිංහලේ, දෙමලේ මරක්කලේ වෙනුවට අපි එකම ලේ කියලා. එකම රටක්, එකම ජාතික කොඩියක්. එකම ජාතික ගියක් වෙනුවෙන් හඩ නොනගන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා.

තමුන්නාසේලාට මතකයි මහනායක ස්වාමින්වහන්සේලා නායක ස්වාමීන්වහන්සේලා කතිකාවත් පනත් කෙටුම්පත වර්ණනා කරද්දී සෑම දේටම විරුද්ධ වෙනවා කියන අපහාස උපහාස විදදරා ගනිමින් ථෙරවාදී කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම් පත ශේඨාධිකරනය ඉදිරියේ අපි එකේ කරුණු අභියෝගයට ලක් කරද්දි මෙයට පක්ෂව කතා කරපු අයගෙත් ඇස් ඇරුණා. අපේ නායක ස්වාම්න්වහන්සේලා ගොඩ දෙනෙක් හිතාගෙන හිටියේ බුද්ධ සාසන කාර්ය මණ්ඩල විසින් සකස් කල කතිකාවත් පනත් කෙටුම්පත තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ තියලා. අපේ නීතිඥ මහතා වන මනෝහර සිල්වා මැතිතුමත් බුද්ධ සාසන කාර්ය මණ්ඩලයේ සිටියා. එතුමන්ලා හදපු එක නෙවෙයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා කරුනු දැක්වුවාම තමයි කාගෙත් ඇස් ඇරුනේ. මේ පනතට අනුව භික්ෂුන් වහන්සේලා වරදක් කලාම කුදල ගෙන ගිහින් හිරේ දාන්න පොලිසීයට පුළුවන්. අපි හදපු කෙටුම්පතේ එහෙම දෙයක් නෑ. මහනායක ස්වාමින්වහන්සේලා කියන විනයට ධර්මයට එකග ද බලන්න කමිටුවක් පත් කරන්න බුද්ධ සාසන ඇමතිවරයාට බලයක් තිබුණා මේ පනතෙන්. මහනායක හමුදුරුවෝ බුද්ධාගම දන්නවද බලන්නේ ඇමතිතුමා. මෙවැනි අඩුපාඩු ගණනාවක් අපි පෙන්නුවම නීතිපතිවරයා ගොඩක් දෙවල් වැරදියි කියලා එවා ඉවත් කර ගත්තා. ඉතුරු ටිකට ශේෂ්ඨාධිකරනය නිවරදි තිරණ ගනිවි කියලා අපි හිතනවා. මේ පෙබරවාරි 09 වෙනි දා පාර්ලිමේන්තුව රැස්වුනාම කථානායකවරයා විසින් තින්දුව ප්‍රකාශයට පත්කරන්න නියමිතයි. අපිට රාජ්‍ය දරදඩු පාලනයෙන් බේරා ගෙන සාසනික නිදහස, ආගමික ඇදහිමේ නිදහස රැක ගැනීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. මුලින් පක්ෂව කතා කරලා පසුව එය නිවැරදි කරගත් ජාතික හෙළ උරුමය අපි අගය කරනවා කියලා සිහිපත් කරන්න ඕනේ.

අපි තවත් පනත් කෙටුම් පතක් ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ අභියෝගයට ලක් කරා ඒ තමයි බෞද්ධ විහාර දේවාල ගම් සංශෝදනය කිරිමේ පනත් කෙටුම්පත. ශ්‍රේෂ්ඨාධිකරන නිර්න 09 2016 යටතේ නඩුව ගොනු කරලා තියෙනවා. පෙබරවාරි මාසේ 09 වෙනිදා උසාවියේ විමසීමට නියමිතයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5640764575997138475

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item