ෆොන්සේකාට මන්ත්‍රීකම දීමෙන් මා දැඩිව කලකිරුණා - මේක කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයක් නොව කැබිනට් මණ්ඩල තීරණයක්

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එ.ජා. පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි සේ කල...

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එ.ජා. පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි සේ කලකිරුණු බවත් ඉන් පාක්ෂිකයන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවත් හිටපු නියෝජ්‍ය ඇමැතිනී රෝසි සේනානායක ඊයේ (09) අප වෙත පැවසුවාය. වසර ගණනක් තිස්සේ තමන් පක්ෂය වෙනුවෙන් ගෙන ගිය කැපකිරීම්වලට නිසි ඇගයීමක් සිදු නොවූ බවත් පාක්ෂිකයන් වෙනුවෙන් තමන් පක්ෂයේ දරන තනතුරුවල ඉදිරියටත් රැඳී සිටින බවත් ඇය අවධාරණය කළාය.

දේශපාලනයේදී කාන්තා නියෝජනය වැඩි විය යුතු බවට විවිධ මත පළ වුවද තමන් කාන්තාවක් වීම හේතුවෙන් මන්ත්‍රී ධුරය අහිමි වූ බවත් ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයකින් කාන්තාවන්ට සාධාරණය ඉටු නොවන බවත් රෝසි සේනානායක පැවසුවාය.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුව සඳහා වෙනත් පක්ෂ සාමාජිකයන් එක් කර ගැනීමෙන් තමාටත් ජෝශප් මයිකල් පෙරේරාටත් බලවත් අසාධාරණයත් සිදුවූ බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධ තීරණයද පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයක් නොව කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් බවත් ඇය අවධාරණය කළාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1423923880984639775

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item