ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා එජාප මන්ත්‍රී ලෙස දිවුරුම්දෙයි - පළමු වරට හමුදා නායකයෙක් පාර්ලිමේන්තුවේ

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක කරූ ජයසූරිය ඉදිරියේ දිවුරුම් දී ...

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක කරූ ජයසූරිය ඉදිරියේ දිවුරුම් දී තිබේ.

හිටපු අමාත්‍ය එම්.කේ.ඩී.එස් ගුණවර්ධනගේ හදිසි අභාවයෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට සරත් ෆොන්සේකා මහතා පත්කිරීමට ඊයේ දිනයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එකඟවිය.

ඒ අනුව අද දිනයේ සරත් ෆොන්සේකා මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අතර ඉදිරියේදී ඔහුට යම් අමාත්‍ය ධූරයක්ද හිමිවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8509821354055944889

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item