ෆොන්සේකා එජාපයෙක් පත් කිරීම නීති විරෝධීයි - ෆොන්සේකාට විරුද්ධව විජේදාස පෙරට

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීම ගැන ඇමති විජේදාස රාජපක්‍ෂ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේදී ද...

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීම ගැන ඇමති විජේදාස රාජපක්‍ෂ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේදී දැඩි විරෝධය පල කර තිබේ. අරලියගහ මන්දරියේ පැවති එජාප මැති ඇමතිවරැුන්ගේ හමුවේදී විජේදාස රාජපක්‍ෂ මේ අදහස් පල කර තිබේ.

‘ෆොන්සේකාව කොහොමද එජාප ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගේන්නේ, ඒක නීති විරෝධී වැඩක්. එයා අපේ පක්ෂයෙ කෙනෙක් නෙවෙයි. වෙන පක්ෂයකින් ඡුන්දෙ ඉල්ලලා පැරැුදුණු කෙනෙක්. එහෙම කෙනෙක් වෙන පක්‍ෂයකින් පාර්ලිමේන්තුවට පත් කරන එක නීති විරෝධීයි. ඹීට කලින් සමරවීර වීරවන්නිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්න තීන්දුවකිනුත් ඒක පැහැදිලි වුණා. ඒ තීන්දුවට අනුවම ෆොන්සේකාට එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්න බෑ’ යයිද ඇමතිවරයා පැහැදිලි කරද්දී අගමැතිවරයා ඊට පිළිතුරක් නොදී අවසන් තීන්දුව ගැනීම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තෙක් කල් දමා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6327608089182395365

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item