"යහපාලනය අතුගැවිලාම පල" - ඒකාබද්ධ විපක්ෂය අද පොල් ගැසීම ගොඩකවෙලදී

යහපාලන ආණ්ඩුවට එරෙහිව පොල් ගසා යළි දේව කන්නලව්වක් සිදු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිස...

යහපාලන ආණ්ඩුවට එරෙහිව පොල් ගසා යළි දේව කන්නලව්වක් සිදු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා සඳහන් කළේ අද (13) උදෑසන 09 ට අම්මඩුව කුඩා කතරගම දේවාලයේදී මෙම දේව කන්නලව්ව සිදු කරන බවයි. 

"මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් විශාල ප්‍රමාණයක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී විමට සූධානම් වී සිටිනවා.

අපි තව ටික වෙලාවකින් මේ ආණ්ඩුව පළවාහරින්නැයි කියලා කරන දේව කණ්නලව්ව සහිත දේව යාතිකාවත් එක්ක පොල් ගැසීම ආරම්භ කරනවා අම්මඩුව දේවාලයේ.

ඉන් අනතුරුව පස්වරු 2 ට ගොඩකවෙල නගරයේදී දැවැන්ත ජනහමුවක් පවත්වලා ආණ්ඩුවට රුවන්පුර ජනතාවගේ විරෝධය ප්‍රකාශ කරන්න සූදානම්". යැයි රංජිත් ද සොයිසා පැවසුවා.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9138106799347588256

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item