ජනපති සිරිසේනගේ එක අඩිය සහ විග්නේෂ්වරන්ගේ අඩි දහය

"මේ දිනවල මාධ්‍ය ඉදිරියට පැමිනෙමින් ඇතැම් දේශපාලකයින් ජාතික ගීය දෙමළින් ගායනාකිරීම ජාතික සමගිය වර්ධනය වන දෙයක් විදිහට වර්ණනා කරමින් ...

"මේ දිනවල මාධ්‍ය ඉදිරියට පැමිනෙමින් ඇතැම් දේශපාලකයින් ජාතික ගීය දෙමළින් ගායනාකිරීම ජාතික සමගිය වර්ධනය වන දෙයක් විදිහට වර්ණනා කරමින් සිටිනවා. මේ ලෝකේ තියෙන 212 වූ රටවල් අතුරින් 207 කම ජාතික ගීය ගයන්නේ එක් භාෂාවකින් විතරයි. නමුත් මේ සෑම රටකම විවිධ භාෂා කතාකරන ජන කන්ඩායම් ඉන්නවා. අපේ රටේ දේශපාලනය අනුවනම් මෙසේ එම රටවල එක් භාෂාවකින් පමනක් ජාතික ගීය ගයන්නේ ඒ රටවල ජාතික සමගිය ගොඩ නැගීමට ඇති කැමැත්ත නිසයි. "යයි උදය ගම්මන්පිල පැවසුයේ ඊයේ(08) පිවිතුරු හෙළ උරුමයේ මුලස්ථානයේ පවතී මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු, 
අපි ජාතික ගීය දෙමළෙන් ගායනාකිරීමට විරුද්ධ වීම නිසා ඇතැම් දේශපාලකයන් අපි ජාතිවාදීන් ලෙස හදුන්වනවා. අපි ඔවුන්ට කියනවා අපි නොවේ ජාතිවාදීන් ඔබයි. සමස්ථ ජාතියම එකම ජාතික ගීයක් එකම මොහොතේ ගායනා කිරීම තුලින් තමයි ජාතික සමගිය ඇතිවන්නේ. 

ඒ වෙනුවට එක් පිරිසක් සිංහලෙන් ගායනාකරද්දි තව පිරිසක් දෙමළෙන් ගායනා කරද්දි තවත් පිරිසක් මැලේ, අරාබි ඉංග්‍රීසි භාෂාවලින් ගායනා කරද්දි , මේ සියළු දෙනාට වඩා සම්ප්‍රදායික අයිතියක් තියෙන වැදි ජනතාව වැදි බසින් ගයද්දි කෝ ජාතික සමගිය.

එහෙමනම් බෙදුම්වාදී හා ජාතිවාදී ප්‍රවනතාවය වෙන්නේ එක් ගීයක් සියළු ජාතීන් එක්ව ගැයීමද නොඑසේනම් වෙන් වෙන්ව ගීත ගායනා කිරීමද කියල අපිට ජාතිවාදීන් කියන ජාතිවාදීන්ගෙන් අපි අහනවා. 

1996 අපි ලෝක කුසලාන අවසන් වටයට තේරුනා. ඔස්ටේලියානුවන් එක හඩින් ඉංග්‍රීසි බසින් සිය ජාතික ගීය ගයමින් කන්ඩායම් හැගීමෙන් පිටියට ගියා. අපේ ක්‍රීඩකයනුත් වාර්ගික භාෂාමය බෙදීම් පැත්තකින් තියල එක හඩින් සිංහලෙන් ජාතික ගීය කියල කන්ඩායම් හැගීමෙන් තරග වැදුනා. මොහොතකට හිතන්න මේ නරක ප්‍රවනතාවය එදා තිබුනනම් සනත් ජයසූරිය සිංහලෙන් ජාතික ගීය කියනකොට මුත්තයියා මුරලිදරන් දෙමළෙන් ජාතික ගීය ගයනවා. එතකොට ජෙහාන් මුභාරක් අරාබි බසින් ජාතික ගීය කියනවා. කෝ එතන ජාතික සමගිය. කෝ එතන සාමූහිකත්වය. එහෙනම් එදා ලෝක කුසලානය අපිට ලැබෙයිද?

මේ ජාතික ගීය දෙමළෙන් ගියනා කිරීම නිසා උද්දාමයට පත්වෙච්ච විග්නේෂ්වරම් උතුරේ මහ ඇමතිතුමන් නාග විහාරෙදි කියනවා සිංහල ජනතාව එක් පියවරක් ඉදිරියට තැබුවහම දෙමළ ජනතාව පියවර දහයක් ඒ දෙසට තියන්න සූදානම් කියලා. 

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විග්නේෂ්වරම් මැතිතුමන්ගෙන් අපි අහනවා ඔබ මේ කියන්නේ ජනපතිතුමන් දෙමළෙන් ජාතික ගීය ගායනාකර එක්වරක් ව්‍යවස්ථාව කඩකලාම උතුරේ මහ ඇමතිවරයා හා දෙමළ ජනතාව දස වතාවක් ව්‍යවස්ථාව කඩ කිරීමට සූදානම් කියන එකද කියලා.

නීතිපති තනතුරට ඇමතිවරු සටනක

නීතිපති තනතුර පුරප්පාඩු වෙලා අදට හරියට මාසයයි. අපේ රටේ නීතිය හැටියට නීතිපති තනතුර පුරප්පාඩු වුනාම වැඩ බැලීමට කෙනෙක් පත් කල හැක්කේ සති දෙකක කාලයකට පමණයි. ඒ අනුව වැඩ බලන්නවත් නීතිපතිවරයෙක් නැහැ. පොලීසිය අධිකරණයට පැමිණිලි ඉදිරිපත් කරන්නේ පොලිස් දෙපාර්තුමේන්තුව වශයෙන්. අල්ලස් කොමිසම පැමිණිලි ඉදිරිපත් කරන්නේ අල්ලස් කොමිසම වශයෙන්. හැබැයි නීතිපති දෙපාර්තුමේන්තුව අධිකරණය ඉදිරියේ පෙනි සිටින්නේ නීතිපති වශයෙන්. නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉන්න සියළුම රජයේ නීතිඥයින් අධිකරණය ඉදිරියේ පෙනී ඉන්නේ නීතිපතිගේ නියෝජිතයන් විදිහටයි. නීතිපතිවරයෙක් නැතිනම් එතුමාව නියෝජනය කරන්නත් බෑ. මම කවුරු හරි නියෝජිතයෙක් පත් කරලා ඉන්නවනම් මම මැරුණොත් නියොජිතයාගේ නියොජිත භාවයත් නැතිවෙනවා. ඒ නිසා අපේ රටේ මේ දවස් වල අහන නඩු නීති විරෝධියි. සියළුම අපරාධ නඩු නීති විරෝධි වෙනවා. නීතිපතිතුමායි නඩුව ගොනු කරන්නේ. නීතිපති නැතුව කොහොමද රජයේ නීතිඥයන් නීතිපති වෙනුවෙන් උසාවියේ පෙනි සිටින්නේ. සියළුම මුලික අයිතිවාසිකම් නඩු ව්‍යවස්ථාවට අනුව එක් පාර්ශවයක් තමයි නීතිපතිවරයා. රට දැවැන්ත නීතිමය ව්‍යාකුල තත්වයකට පත් කරලා තියෙනවා,නීතිපතිවරයාව පත්කිරිම ආණ්ඩුව විසින් නීතිවිරෝධිව කල් දැමීම හරහා. 

ඇයි මේ පත්කිරීම කල් යන්නේ. ජේෂ්ඨත්වය අනුව මෙය හිමි විය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා වන සොලිසිටර් ජෙනරාල්වරයාටයි. දැනට ඔහු වසර 32ක කීර්තිමත් රාජ්‍ය සේවයකට උරුමකම් කියන සුහද ගම්ලත් මැතිතුමා දේශපාලඥයන් ඉදිරියේ කොන්ද නොනමන සෘජු අවංක නිලධාරියෙක් වීම අද නීතිපති තනතුරට ඒමට බාධාවක් වෙලා තියෙනවා. එතුමා කවදාවත්ම ජනප්‍රිය වුණේ නැ. දේශපාලඥයන්ගේ ඉල්ලීම් වලට නම්‍යශීලි වුණේ නෑ. අපේ ආණ්ඩුව කළේත් නෑ. මේ ආණ්ඩුව කාලේත් නෑ. එහෙමයි කියලා ඔහුට ඉහලට ඒමට අපේ කාලේ බාධාවක් වුණේ නෑ. අද මේගා ඩීල් ගැන කතා කරපු ඇමතිවරු දෙන්නෙක් සාක්ෂි නැතුව නඩු පවරන්න කියලා බලපෑම් කරද්දි සොලිසිටර් ජෙනරාල්වරයා විදිහට සුහද ගම්ලත් මැතිතුමා ප්‍රතික්ෂේප කලාම නීතිපති තනතුර ලබා දෙනවා වෙනුවට තමන්ගේ පදේට නටන කනිෂ්ඨ නිලධාරියෙකු එතෙන්ට පත් කරගෙන තිබෙනවා. මමත් සාමාජිකයෙක් වන ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ ජනාධිපති නීතිඥවරයෙක් වන වර්තමාන අධිකරණ අමාත්‍යවරයා, ඒ වගේ නීති කේෂ්ත්‍රයේ ඉන්න සාතිශ්‍ය බහුතරයක් හඩක් නගනවා සුහද ගම්ලත් මැතිතුමාට මේක ලබා දෙන්න. නීතිපති දේපාර්තුමේන්තුව දේශපාලනීය කරන්න එපා කියලා. අපි මේ ආණ්ඩුවට කියන්නේ සුහද ගම්ලත් මැතිතුමාට එම තනතුර ලබා දෙන්නේ නැතිනම් එය ලබා නොදීමට හේතුව රටට කිව යුතුයි. ස්වාධීන සම්මත ව්‍යවස්ථාදායක මණ්ඩලය තමයි මේගා ඩීල් ගැන කතා කරලා සුහද ගම්ලත් මැතිතුමාගේ අවංකබාවය නිසා එතුමට එම තනතුර ලබා නොදිය යුතුයි කියන සටන කරන අය ඉන්නේ. ඉතින් ස්වාධීන කොමිසන් සභා බිහිවෙයිද? අධිකරණය ස්වාධින වෙයිද? පොලීසිය ස්වාධීන වෙයිද? පොලීසිය ස්වාධින නම් හිරුණිකාට එක නීතියකුත් යෝෂිත රාජපක්ෂට එක නීතියකුත් ක්‍රියාත්මක වෙයිද? මේ ප්‍රශ්නය තුල තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරනය වීම නැවැත්වීමට නම් මේ තනතුර සුහද ගම්ලත් මැතිතුමාට ලබා දිය යුතුය. ඔහුට ලබා නොදෙනවනම් ඒ ඇයි කියලා ආණ්ඩුව ව්‍යවස්ථාධායක සභාව විසින් රටට පැවැසීමට සදාචාරත්මක වගකීමක් තියෙනවා. 

තමුන්නාසේලාට මතක ඇති ගිය අවුරුද්දේ රාජ්‍ය යාන්ත්‍රනය දේශපාලනයෙන් මුදවා ගන්න කියලා සක් පිබලා, බෙරගහලා, උත්සවාකාරයෙන් වඩම්ව ගත්තා 19 වන සංශෝදනය. කෝ මේ 19වන සංශෝදනය දැන්. එකේ හැටියට දේශපාලඥයන්ට අවශ්‍ය කෙනා පත් කරන්නබෑනේ. මෙහෙම ඇමතිවරු අතර කඹ ඇදිල්ලක් තියෙන්න බෑනේ. අපි එදත් කිව්වා අදත් කියනවා ජනතාව එදා විශ්වාස කළේ නෑ මහත් බලාපොරොත්තු තිබ්බා. 19 වන සංශෝදනයෙන් ස්වාධීන රාජ්‍ය සේවයක් ගෙන්නේ නෑ මේක මිත්‍යාවක් ඇස්බැන්දුමක් කියලා. අද 19 වන සංශෝදනය ගෙනල්ලා වසරක් ගත වෙන්න කලින් තිත්ත ඇත්ත ජනතාවට පසක් වී තියෙනවා. ඒ කාළේ අපිට කිව්වේ අපි විරුද්ධ වෙනවා කියලා. අපි විරුද්ධ වෙන්නේ අවාසනාවට මේ ආණ්ඩු ගේන දේවල් නරක දේවල් නිසා.

UNP කොන්ත්‍රාත්කරුවා උදය ද? නිමල් ද?

අප හිත මිත්‍ර නිමල් සිරිපාල මැතිතුමන් මාධ්‍ය හමුවක් තියමින් කියනවා උදය ගම්මන්පිල ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ එජාප කොන්ත්‍රාත්තුවක් කරනවා කියලා. නිමල් සිරිපාල ඇමතිතුමනි මම අභියෝග කරනවා පාළු ගෙවල් වල වලං බිදින්නෙ නැතිව මා එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා මේ සම්බන්ධව. අන්න ඒ විවාදයේදී මම කියල දෙන්නම් 2015 ජනවාරි පැවති ජනාධිපති වරණයේදී එජාප කොන්ත්‍රාත්තුව බාර අරගෙන ශ්‍රීලනිපය පරාජය කිරීමේ කොන්ත්‍රාත්තුව කලේ කවුද කියලා. එතුමන් අවසන් මොහොතේ ඉදිරිපත් නොවුන නිසයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට මේ එජාප කොන්ත්‍රාත්තුව බාරදෙන්න සිදුවුනේ කියල රාජිත සේනාරත්න මැතිතුමන් කියනවා.

ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය පරාජය කිරීම සදහා එජාපයට විරුද්ධව වැඩ කරන්නට ජන වරමක් අරගෙන ශ්‍රීලනිපය එජාපයේ වලිගය බවට පත්කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමේ කොන්ත්‍රාත්තුව අද ඇමතිධූර දරමින් කරන්නේ කවුද කියන එක අපිට ඒ විවාදයේදී සිරිපාල ඇමතිතුමන්ට පැහැදිළිකර දෙන්න පුළුවන්. 

සම්හර විට දැන් එතුමා කියන්න පුළුවන් ගම්මන්පිල එක්ක වාද කරන්න එයා කවුද මම කවුද කියලා. ඒක හිතන්න තිබ්බේ මම ගැන ප්‍රකාශ කරන්න කලින්. මේ රටේ ජනපතිවරයා නායකත්වය දරන පක්ෂය දෙකඩ කිරීමට තරම් මම බලවන්තයෙක් ලෙස මට චරිත සහතික ලබාදීම ගැනනම් මම එතුමන්ට බොහොම පින් කියල පින් දෙනවා. 

අපි නිමල් සිරිපාල මැතිතුමන්ට සිහිපත් කරන්නට කැමති පසුගිය මාස 9 තුල ශ්‍රීලනිපය හතර වතාවක් කැඩිල තියෙනවා. ඒ අවස්ථා 4 මම කියන්නම් කැඩුවේ කවුද කියලා ඔබතුමන්ලා තීරණය කරන්න. 

2014 නොවැම්බර්මාසයේ අද ශ්‍රීලනිපයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් හා දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ජනපතිවරණයේදී එජාපය ඇතුළු පිරිස ජයග්‍රහනය කරවලා ශ්‍රිලනිපය පරාජයට පත්කරන්න කටයුතු කලා. එස්.බී නාවින්න හිරුණිකා පේමචන්ද්‍ර රාජිත සේනාරත්න වැනි ඇමතිවරු මේ කැඩි බිදි යාමේ ප්‍රතිඵල ලෙස එජාපයේ නතරවුනා. 

2015 ජනවාරි මාසයේ අප්පච්චි මලෝ කන්ඩායම සිරිසේන මැතිතුමන්ට එක්වෙලා අපේ සභාපති සිරිසේන මැතිතුමන් ලේකම් දුමින්ද දිසානායක මැතිතුමන් ය කියලා මාධ්‍ය හමුවක් තියලා රටට කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙවෙනි වතාවටත් කැඩූවා. 

2015 මාර්තුමාසයේ ශ්‍රිලනිපයේ පිරිසක් දින 100 ආණ්ඩුවේ ඇමතිධූර භාරගැනීමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ පිළ හා විපක්ෂයේ පිළ ලෙස දෙකට කැඩීම.

2015 අගෝස්තුමාසයේ එජාපයේ ඡන්ද පොරොන්දු ඉටුකරන්න වසර දෙකකට එජාපය සමග ලිඛිත දීගයකට ගිහිල්ලා නිමල් සිරිපාල සිල්වා මැතිතුමන් ඇතුළු පිරිසක් ආණ්ඩුවේ වාඩිවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. 

ඔය අවස්ථා හතරෙන් කුමන අවස්ථාවටද උදය ගම්මන්පිල දායක වුනේ කියල නිමල් සිරිපාලද සිල්වා මැතිතුමන් එම විවාදයේදී අපිට පැහැදිලි කරල දෙයි.

චම්පිකට එරෙහිව චම්පික

මේ දවස් වල මාධ්‍ය ඉදිරියේ අපුරු රංගනයක් සිද්ධ වෙනවා. නාට්‍යයක් පෙන්නනවා. අපි ඒ නාට්‍යයට කියන්නේ රණවකට එරෙහිව රණවක කියලා. ඇමති මණ්ඩලය ථෙරවාදි කතිකාවත් පනත ලියා පදිංචි කරනවා. ඇමති මණ්ඩලය විසින් අනුමත කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ජාතික හෙළ උරුමය එකට විරුද්ධ වෙනවා. ඇමති මණ්ඩලයෙත් ජාතික හෙළ උරුමයෙත් රණවක ඇමතිතුමන් ඉන්නවා. ඒ වගේම ඇමති මණ්ඩලය ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න තීරණය කරනවා. තමුන්නාසේලාට මතක ඇති මිට සති දෙකකට කලින් රාජිත සේනාරත්න ඇමතිතුමන් අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමති මණ්ඩල තීරණයක් විදිහට ඒක දැනුම් දුන්නේ. ජාතික හෙළ උරුමය ඒකට විරුද්ද වෙනවා. ඇමති මණ්ඩලයෙත් ජාතික හෙළ උරුමයෙත් රණවක ඇමතිතුමන් ඉන්නවා. එතකොට මෙතන තියෙන්නේ රණවක එරෙහිව රණවක නෙවෙයි ද? කවුද හරි රණවක කියලා රටට කිව යුත්තේ රණවක ඇමතිතුමන්මයි. අපි දන්නවා අමත්‍ය මණ්ඩලයේ තියෙනවා සමුහිකවගකිම කියලා සංකල්පයක්. ඇමති මණ්ඩලය ගන්න තීන්දු වලට එකග වුණත් නැතත් සමුහිකව රටට වගකියන්න ඇමති මණ්ඩලය බැදිලා ඉන්නවා. ඇමතිවරයෙක්ට එකට විරුද්ධ වෙන්න පුළුවන් නමුත් තීන්දුව ගත් පසු ඒ තින්දුව වෙනුවෙන් ඇමතිතුමා පෙන් ඉන්න ඕනේ එහෙම නැතිනම් ඇමතිදුරයෙන් ඉවත් විය යුතුයි. විරෝධය ඇමතිමණ්ඩලයට පමණක් සිමා වෙන්න ඕනේ ඒක තමයි සමුහික වගකීම පිළිබධ ලෝක සම්ප්‍රධාය. ඉතින් රණවක ඇමතිතුමන් ඉල්ලා අස්වෙන්නේ ජාතික හෙළ උරුමයෙන් ද ඇමතිධුරයෙන් ද කියලා අපි දෑස් දල්වා බලා ඉන්නවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6316998627767998403

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item