ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂක නීති දැඩි කෙරේ

නීති විරෝධී මිනිස් ජාවාරම් නතර කිරීමේ සහ රටේ ස්වාධිපත්‍යය සහතික කිරීමේ අරමුණෙන් ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව දේශසීමා ආරක්ෂක විධිවිධාන පූර්ණ ලෙස ...

නීති විරෝධී මිනිස් ජාවාරම් නතර කිරීමේ සහ රටේ ස්වාධිපත්‍යය සහතික කිරීමේ අරමුණෙන් ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව දේශසීමා ආරක්ෂක විධිවිධාන පූර්ණ ලෙස ක්‍රියාවේ යෙදවීමට පියවර යොදා තිබේ.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුව අනුව කලාපීය වශයෙන් වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක වනු ඇත. මෙය දේශසීමා ස්වාධිපත්‍යය රැකීමේ මෙහෙයුම් ප්‍රතිපත්තියේ ප්‍රධානතම කරුණකි. සංක‍්‍රමණික කටයුතු සහ දේශසීමා ආරක්ෂාව පිළිබඳ ඇමැති පීටර් ඩුටන් ප්‍රකාශක කළේ මිනිස් ජාවාරම් නතර කිරීමට සහ මිනිසුන් තම ජීවිත මුහුදේ දී අවධානමට ලක් කිරීමෙන් වලක්වා ගැනීමටත් ඕස්ට්‍රේලියාව ස්ථිර වශයෙන්ම පෙනී සිටින බවයි.

‘‘ ඕස්ට්‍රේලියාව පසුගිය වසර දෙකක කාලය ඇතුළත බෝට්ටු 20කට වැඩි ප්‍රමාණයක් අපගේ මුහුදු සීමාවෙන් ඉවත් කිරීමට සමත් වී තිබෙනවා. අපගේ ප්‍රතිපත්තිය මිනිස් ජාවාරමේ නිරත බෝට්ටු ඔවුන් පැමිණි රටවල්වලටම හරවා යැවීමයි. එය දිගටම ක්‍රියාත්මක වනවා ඇති’’ යැයි ඩූටන් කීවේය.

‘‘නීති විරෝධී අයුරින් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට යාමට තවදුරටත් උත්සාහ දරන මිනිසුන් නතර කිරීමේ අරමුණෙන් අපගේ සම්පූර්ණ මුහුදු සීමාවට බාහිරව ද අවශ්‍ය පියවර යෙදවීමට කලාපීය ක්‍රියාදාමයක් වෙනුවෙන් අපගේ ආණ්ඩුව කැප වී සිටිනවා. මේ සම්බන්ධ මගේ පණිවුඩය වන්නේ මෙයයි. නීති විරෝධීව බෝට්ටු මගින් ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන අයට මුහුණ දීමට සිදුවන ප්‍රරතිඵල දෙකයි ඇත්තේ. ඔවුන් අල්ලාගෙන ඕස්ටේ‍්‍රලියානු මුහුදු සීමාවෙන් පිටතට හරවා යවනවා එහෙම නැත්නම් ඔවුන්ව ඉදිරි කටයුතු ස`දහා වෙනත් රටකට යවනවා. මෙයට විකල්ප ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළත ඉදිරියට කටයුතු කිරීමක් හෝ නැවත පදිංචි කිරීමක් කොහෙත්ම සිදුවන්නේ නැහැ. මේ නීතිය සැමටම එක හා සමාන ලෙස බලපානවා. ඕස්ට්‍රේලියාවට පැමිණීම සඳහා මිනිස් ජාවාරම්කරුවන්ගේ උදව් බලාපොරොත්තු වන අයට සිදුවන්නේ සියලූ දෙයම අවදානමට ලක්කරගෙන අහිමි කරගැනීමටයි. ඒ අයගේ ජීවිත සහ පවුලේ අයගේ ජීවිතත් මෙයට අයත්’’ යැයි ඩූටන් කීවේය.

මෙත්ලාල් වීරසූරිය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7400040438780254498

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item