අගමැති විශේෂ ප්‍රකාශයක් කරමින් දෙරණේ සංඛ අමරජිත්ට බැන වදී - මෙහෙමත් විශේෂ ප්‍රකාශන

රජයේ විකාශන බලපත්‍ර භාවිත කරමින් ජාති ආගම්වලට සහ සමාජයේ විවිධ ජන කොටස්වලට අපහාසයට ලක් කරන විද්‍යුත් මාධ්‍යවලට එරෙහිව පියවර ගන්නා බව අග්‍ර...

රජයේ විකාශන බලපත්‍ර භාවිත කරමින් ජාති ආගම්වලට සහ සමාජයේ විවිධ ජන කොටස්වලට අපහාසයට ලක් කරන විද්‍යුත් මාධ්‍යවලට එරෙහිව පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා බදුල්ලේ පැවති මාධ්‍යය හමුවක් අමතමින් ඒ බව කියා සිටියේ ජාතික දිනය වෙනුවෙන් පැවති සංස්කෘතික උළෙලේදී ඔපෙරා තාලයට 'දන්නෝ බුදුන්ගේ' ගීතය ගැයූ ගායිකාව දෙරණ රූපවාහිනී නාලිකාවේ 'නිවේදකයකු' විසින් බැළලියක ලෙස හඳුන්වනු ලැබීමේ සිද්ධිය හෙලා දකිමින් කතා කරමින්.

'විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යය, රූපවාහිනී හෝ වේවා ගුවන් විදුලිය හෝ වේවා ඒවා අයිති මේ සමාගම්වලට නෙවෙයි. ඒ විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජයෙන්. ඒවා අයිති ජනතාවටයි' අගමැතිවරයා සඳහන් කළේය.

ඉහත කී සිද්ධිය සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ ප්‍රධානීන් කැඳවා කරුණු විමසන බවත් සමාව ගන්න පවසන බවත් ඔහු පැවසුවේය.

''අහනවා ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කළාද?, මේ ගැන සමාව ගන්නවද නැද්ද කියලා අහනවා. ඉන් අනතුරුව ඉදිරිය සම්බන්ධයෙන් තීරණය කරනවා. රාජපක්ෂ පාලනය කාලේ වගේ මිනිස්සුන්ට බැන්න කාලේ ඉවරයි. දැන් ටිකක් හැදෙන්න, වගකීමක් ඇතුව වැඩ කරන්න''

එහෙත් දේශීය සංගීතය හෝ එම ගායනයේ ඇති මතබේදාත්මක තත්ත්වය ගැන හෝ එහි ඇති කතිකාව ගැන අගමැතිතුමා වචනයක්වත් කතා නොකළේය. 

හාස්‍යට කරුණ නම් මසකට වරක් පැමිණෙන මෙම විශේෂ ප්‍රකාශ වලින් අගමැතිවරයෙකු අවධානය යොමුකළ යුතු අකාරයේ ප්‍රමකතාවයක් නොමැති කාරනා සම්බන්ධයෙන් කතා කරමින් රටේ දැවෙන ප්‍රශ්න ගනති කතිකාවට ඇති අවධානය ඇහිරීමයි. එය තනිකරම දේශපාලන ගේමකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Ranil ehidee meseda kiya atha. Uputa ganeema Lankadeepa. http://www.lankadeepa.lk/index.php/articles/385444

    ඕනෑම ගීතයක් බටහිර ක්‍රමයට ගායනා කළාද, පෙරදිග ක්‍රමයට ගායනා කළාද, චීන ක්‍රමයට ගායනා කළාද, අයිස්ලන්ත ක්‍රමයට ගායනා කළාද වශයෙන් ශාස්ත්‍රීය වි‍වේචනයක් කළ හැකියි. හොද මෙන්න විවේචනය කරන්නත් අයිතිය තියෙනවා. එමෙන්ම ප්‍රශංසා කරන්නත් අයිතිය තියෙනවා. නිහඩව කිව්වාද, වචන වලින් කිව්වාද, නටලා ගායනා කළාද, ඒ ඕනෑම දෙයක් පිළිබදව අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නමුත් ගීයක් ගායනා කළ කාන්තාවකට බැල්ලියක් යැයි පැවසීමට රූපවාහිණි නාලිකාවකට අයිතියක් තිබේද? ගුවන් විදුලි නාලිකාවකට එම අයිතිය තිබේද? මුද්‍රිත මාධ්‍යයෙන් එවැනි දෙයක් කියන්න අයිතිය තිබෙනවාද? මෙවැනි අයිතියක් තිබෙන්නේ කාටද? තමන් හිතුවොත් ඕනෑම කෙනෙකුට බැල්ලී කියා කතා කරනවා.

    ReplyDelete
    Replies
    1. මෙය බොදු බැති ගීයක් නිසා එහෙම ලොකුවට කියෙව්වට මේක ක්‍රිස්තියානි හෝ මුස්ලින් ආගමක බැති ගීයක් උනානම් කෝම තියේද හොදට තියෙයි නේ.

      Delete

emo-but-icon

Related

පුවත් 4790673517270606738

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item