උතුරු නැගෙන හිර ඒකාබද්ද කර නමට නැති සැබෑ ෆෙඩරල් විසදුමක් අවශ්‍යයි - සුමන්තිරම් ස්කොට්ලන්තයෙන් පැමිණි විගස හඬ නගයි

උතුරු නැගෙන හිර ඒකාබද්ද කර නමට නැති සැබෑ ෆෙඩරල් විසදුමක් අවශ්‍ය බව සුමන්තිරන් පවසනවා. නොබෙදී එක් ජාතියක් ලෙසින් ජීවත්වීම සඳහා අනාගත ව්‍යව...

උතුරු නැගෙන හිර ඒකාබද්ද කර නමට නැති සැබෑ ෆෙඩරල් විසදුමක් අවශ්‍ය බව සුමන්තිරන් පවසනවා. නොබෙදී එක් ජාතියක් ලෙසින් ජීවත්වීම සඳහා අනාගත ව්‍යවස්ථාවක් මගින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම දෙමළ ජනතාව විසින් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

යෝජිත අලුත් ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය ස්වභාවය වෙනස් කරන ලෙසත් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටියි.

‘ඒකීය රාජ්‍යය යටතේ අර්ථවත් බලය බෙදීමක් ඇති කරගත නොහැකි’ බව සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඉකුත් 2014 අගෝස්තු මහ මැතිවරණයේදී සාතිශය දෙමළ බහුතරයක් අනුමත කළ පරිදි ශ්‍රී ලංකාවේ බලය බෙදීම ෆෙඩරල් රටාවට අනුගත වුවක් විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යෝජනාවයි.

කෙසේ වෙතත්, ෆෙඩරල් ලේබලය පමණක් තිබීමෙන් පලක් නැතැ’යි කී සුමන්දිරන් මන්ත්‍රීවරයා “මධ්‍යම රාජ්‍යය ඇඟිලි ගහන්නේ නැතිව විමධ්‍යගත කළ බලය එසේම පැවැතිය යුතු,” බව උදාහරණ සහිතව කියා සිටියේය.

පළාත් වලට පවරන ලද බලය මධ්‍යම රජයට පවරා ගත නොහැකි කෙරෙන ආරක්ෂණ විධිවිධාන ද නව ව්‍යවස්ථාවේ අන්තර්ගත විය යුතු බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා අවධාරණය කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6305488617865182782

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item