හෙළ උරුමයට හොදටම හිත රිදිලා

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබාදී ඇති ප‍්‍රමුඛතාව ඉවත් කිරීම සදහා තවත් ඉගියක් දැයි ජාතික හෙළ උරු...

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබාදී ඇති ප‍්‍රමුඛතාව ඉවත් කිරීම සදහා තවත් ඉගියක් දැයි ජාතික හෙළ උරුමය සැක පළ කරනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ පෙන්වා දෙන්නේ ඔවුන්ගේ මීළඟ අරමුණ විය යුත්තේ සියළු ආගම්වලට සමතැන දිය යුතුය යන්න විය හැකි බවයි. "දැන් අපිට පේනවා ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම, ඊළඟට මේ අය කියන්න පුළුවන් සියළු ආගම්වලට සමතැන දෙන්න ඕන කියලා. මේ අය මේ රටේ ශිෂ්ඨාචාරය, සංස්කෘතිය කුමක්ද යන්න තේරුම් අරං කටයුතු කරන්න ඕන."

ජාතික හෙළ උරුමය වත්මන් ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු වනවා. එහි මහලේකම්වරයා වන පාඨලී චම්පික රණවක කැබිනට් මණ්ඩලයේද සාමාජිකයෙක්. ඔහු සදහන් කලේ මෙම තීරණය කැබිනට් මණ්ඩලය තුළ සිදු නොවූවක් බවයි. කෙසේවෙතත් මෙම තීරණය රජය නොගත යුතුව තිබූ බවයි ජාතික හෙළ උරුමය පෙන්වා දෙන්නේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6802567599082504749

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item