මිල සූත්‍රයත් නවතී - තෙල් මිල අඩුකරන්න බැරිලු - කිසිද අකාරයකින් තෙල් මිල අඩු කරන්නේ නැ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නොසිතූ විරූ පරිදි පහළ ගිය ද මෙරට ඉන්ධන මිල තවදුරටත් පහළ නොදැමිය යුතු බවට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර ඇත. විශේ...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නොසිතූ විරූ පරිදි පහළ ගිය ද මෙරට ඉන්ධන මිල තවදුරටත් පහළ නොදැමිය යුතු බවට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර ඇත.

විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික ප්‍රශ්න හා තෙල් සංස්‌ථාව ලබන පාඩුව යම් පමණකට පියවා ගැනීමට මෙය අවස්‌ථාවක්‌ කරගත යුතු බව අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමේදී අදහස්‌ පළ වී තිබේ.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ පහළ යන විට මෙරට ඉන්ධන මිල උච්චාවචනය කිරීමට අදාළව සැකසූ නව ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාවට නැංවීම කල්දැමීමට ද අමාත්‍ය මණ්‌ඩලය තීරණය කර ඇත.

මේ පිළිබඳව ඛනිජ තෙල් හා ස්‌වභාවික වායු ඇමැති චන්දිම වීරක්‌කොඩිගෙන් කළ විමසීමේදී ඒ මහතා ද කියා සිටියේ මිල සූත්‍රයේ යම් යම් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නිසා එය ක්‍රියාත්මක කිරීම පසුවට කල් තැබූ බවයි.

මිල සූත්‍රය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතුව ඇතැයි කැබිනට්‌ මණ්‌ඩලයේදී තීරණය වූ බව ද ඇමැතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ උසස්‌ නිලධාරීන් කියා සිටියේ තෙල් මිල පහත හෙළීමට කිසිදු ආකාරයක සැලසුමක්‌ නොමැති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 440246646595150292

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item