FCID එකට පොල් ගැසීමේ ප්‍රසිද්ධිය යහපාලනයම ලබා දෙයි

කොල්ලුපිටියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසිරුවන ලෙස දෙවොල් දෙවියන්ට කන්නලව් කිරීමට  හික්කඩුව සීනිගම දේවාලයේ පොල් ගැසීමට  උඩ...

කොල්ලුපිටියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසිරුවන ලෙස දෙවොල් දෙවියන්ට කන්නලව් කිරීමට  හික්කඩුව සීනිගම දේවාලයේ පොල් ගැසීමට  උඩුගම රජයේ ඉඩමකින් හොරෙන් පොල් කැඩූ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.නාගොඩ ග්‍රාම නිලධාරී සහ එජාප හිටපු ආසන සංවිධායක ආනන්ද ලැනරෝල් විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බව සඳහන්ය.අක්කර 700 ක පමණ විශාල ඉඩමක අක්කර නවයක පමණ පොල්වගා කර ඇති බවත්, එයින් පොල් ගස් තුනක පමණ පොල්කඩා ඇති බව හඳුනාගන්නට ඇතැයි පොලීසිය පවසයි. 

ප්‍රාදේශීය ලේකම් භාරයේ ඇති මෙම ඉඩමේ පොල් කැඩීම සිදුකරනු ලබන්නේ  ප්‍රා‍දේශීය සභාව විසින් බවත්, මෙම පොල් ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටරයෙන්ම රැගෙන ගිය බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි. කෙසේ වෙතත් කළ විමසීමකදී උඩුගම පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නමුත් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

ඒ හේතුවෙන් පැමිණිලිකරුවන් කුමක් කීවද මෙම පොල් සීනිගම දේවාලයට ගෙනියාම සඳහා කැඩුවේද යන්න ‍පිළිබඳ නිශ්චිතව තවමත් පැවසිය නොහැකි බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7462147615142747175

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item