දෙමළ භාෂාව ජාතික භාෂාවක් කරන්න ඉන්දියානු මැදහත් වීමෙන් සාකච්චා[PHOTOS]

දෙමළ ප්‍රගතිසීලි සන්ධානය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් අතර සාකච්ඡාවක් ඊයේ(06) වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පවත්වා ඇත...


දෙමළ ප්‍රගතිසීලි සන්ධානය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් අතර සාකච්ඡාවක් ඊයේ(06) වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පවත්වා ඇත.

මෙම සාකච්ඡාවට අමාත්‍ය මනෝගනේෂන්, අධ්‍යපන රාජ්‍ය අමාත්‍ය රාධාක්‍රිෂ්ණන් ඇතුළු තවත් පිරිසක් සහභාගි වී ඇත. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ අමාත්‍ය මනෝගනේෂන්, “ වතුකරයේ ජීවත් වන දෙමළ ජනතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කලා. උතුරු නැගෙනහිර පළාත් වලින් පිටත අනෙකුත් ප්‍රදේශයන්හී ජිවත් වන සියළු දෙමළ ජනතාව සහ වතුකරයේ ජිවත් වන ජනතාව සඳහා වන ආරථීකය සහ අධ්‍යපන කටයුතු පිළිබඳව සාකච්ඡා කල අතර, ඔවුන්ට උපකාර කරන බව සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කර ලදි.

රටේ සිංහල භාෂාව මේ වන විට ජාතික භාෂාවක් ලෙස ඇත. නමුත්, දෙමළ භාෂාවත් ජාතික භාෂාවක් ලෙස වෙනස් කල යුතුය යන ඉල්ලීම අප ඉදිරිපත් කර ඇත. ඉන්දීය රජය වතුකරයේ ජනතාවට නිවාස 400ක් ඉදිකර දීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත. එබැවින්, මෙම සංඛ්‍යව වැඩිකරන මෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කළෙමු” යනුවෙන් අමාත්‍ය මනෝගනේෂන් ප්‍රකාශ කර ඇත.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6192298229056725418

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item