මහින්ද තංගල්ල මුහුදේ පාවෙලා ඇවිල්ල කිවුව කතාව - රට දැන් සම්පුර්ණයෙන්ම පාවලා දීලා [VIDEO]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ ප්‍රකාශයෙන් සමස්ත හමුදාවටම ප්‍රහාරයක් එල්ල වන බවත්, කොපමණ වසන් කළත් හයිබ්‍රිඩ් උස...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ ප්‍රකාශයෙන් සමස්ත හමුදාවටම ප්‍රහාරයක් එල්ල වන බවත්, කොපමණ වසන් කළත් හයිබ්‍රිඩ් උසාවිය අනිවාර්යයෙන්ම එන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ තංගල්ල පරෙයිවැල්ල මුහුදු තීරයේ ඊයේ (10) දිනයේ කළ සංචාරයක් අතරතුර මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේ කීය
හමුදාවේ යම් කිසි කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් එදා ජිනීවාවලදී එයාලා සම්මත කරගත්ත යෝජනාව අනුවම ක්‍රියාත්මක වෙන්න ඕන කියලයි පවසන්නේ. මුළු හමුදාවටම ඒකෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක වසන් කරන්න පුළුවන් කමක් නෑ. හයිබ්‍රිඩ් උසාවි අනිවාර්යයෙන්ම එනවා. කොච්චර ජනතාව නොමග යවන්න කරුණු කිව්වත්, ඒකෙන් පෙන්නුම් කරලා දෙන්නේ ජාත්‍යන්තරයට අපි සම්පූර්ණයෙන්ම රට පාවා දුන්නා කියන එකයි. අපිට කියන්න තියෙන්නේ.

මම දන්නවා මානව හිමිකම් කොමසාරිස්වරයා ලොකු දිග කතාවක් කියලා ඒක බොහෝම පැහැදිලිවම අපිට විරුද්ධව අපිම සම්මත කරගත්ත යෝජනාවට අනුව ක්‍රියාත්මක වෙයි. දැන් මානව හිමිකම් කොමිෂන් සභාවට යෝජනා රැසක් ඇවිත් තියෙනවා. තුනෙන් දෙකක ඡන්දෙන් ඒක සම්මත වෙලා තියෙනවා. ඒ පරීක්ෂණ පවත්වන එක දවස ගානේ කල් යනවා. අපේ ඒවා තමයි ඉක්මනින් කරලා දෙන්න කියන්නේ. ඒකයි මේකේ තියෙන වෙනස.
මේ යුද්ධය ඉවර කළේ නැත්නම් ඔය මුකුත් ප්‍රශ්න නෑනේ. කුමාරයා එන්නෙත් නෑ. මේක තමයි වැඩේ. මේක තමයි දිගින් දිගටම වෙන්නේ. අද රටේ තියෙන අනෙක් ප්‍රශ්න ඔක්කොම යට ගැහිලා යැයි හිටපු ජනාධිපතිවරයා පැවැසුවේය.



  



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6004117676591836002

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item