ජෝන් බාස් ජොගිං තීරුව කැඩූ ජෝන් බාසම හදයි - දඬුවම් නෑ

වත්තල ඇවිදින මං තීරුව ගැලවූවායැයි කියන අදිසි හස්‌තය විසින් එම මං තීරුව නැවත තිබූ අයුරින් සැකසීමට ඊයේ (05) සිට ක්‍රියාත්මක වී එහි ගල් ඇතිරීම...

වත්තල ඇවිදින මං තීරුව ගැලවූවායැයි කියන අදිසි හස්‌තය විසින් එම මං තීරුව නැවත තිබූ අයුරින් සැකසීමට ඊයේ (05) සිට ක්‍රියාත්මක වී එහි ගල් ඇතිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙම ඇවිදින මං තීරුව පසුගිය මාර්තු මස 27 වනදා ගලවා ඉවත් කිරීමට එරෙහිව මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් මෙම මං තීරුව නැවත තිබූ අයුරින් සැකසීමට එම අදිසි බලධාරියා විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් සඳහන්කරන්නේ මෙම මංතීරුව ගලවා ඉවත් කිරීම සහ එම මං තීරුවට සමාන්තරව එක්‌තරා පෞද්ගලික ආයතනයකට අයත් ඉඩමකට මාර්ගයක්‌ සැකසීම ආරම්භ කර තිබීම අතර යම් සබඳතාවක්‌ ඇති බවත් මෙහි කිසිදු විනිවිදභාවයක්‌ නොමැතිවීමෙන් යම් මූල්‍ය ගනුදෙනුවක්‌ සිදුව ඇති බවටත් තමන්ට සැකසහිත බවයි.

විශාල මුදලක්‌ වැය කරමින් මහජනතාවගේ ශරීර සුවතාව වෙනුවෙන් ඉදිකර තිබූ මෙම මං තීරුව කඩා ඉවත් කිරීමෙන් විනාශ වූ මහජන මුදල් මෙන්ම එය නැවත ඉදිකිරීමට වැයවන මුදල්වලට වගකිවයුත්තේ කවුරුන්දැයි එම ප්‍ර දේශයේ ජනතාව ප්‍රශ්නකර සිටී.

මෙහි වගකීම කිසිදු රාජ්‍ය ආයතනයක්‌ බාර නොගත්තේ නම් මේ පිටුපස සිටින දේශපාලන බලවතා පිළිබඳව බලධාරීන් හෙළි නොකිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ප්‍රහාරයක්‌ බවට ඔවුන් චෝදනා එල්ල කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info - See more at: Hiru Gossip

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 3416835769809035033

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item