උතුරු පළාත් සභාවේ කෝටි 67ක වංචාවක්

උතුරු පළාත් අමාත්‍යාංශ පහ යටතේ පවතින දෙපාර්තමේන්තු 28 වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් හැටහත් කෝටි හතළිස් හතර ලක්ෂ තිස්පන්දහස් හැටතුනක (67443...

උතුරු පළාත් අමාත්‍යාංශ පහ යටතේ පවතින දෙපාර්තමේන්තු 28 වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් හැටහත් කෝටි හතළිස් හතර ලක්ෂ තිස්පන්දහස් හැටතුනක (674435063) මුදල් පිළිබඳ කිසිදු ලිපි‍ලේඛනයක් නොමැතිව එම මුදල් අතුරුදන් කර ඇති බව උතුරු පළාත් විපක්ෂ නායක කේ. තවරාසා විගණකාධිපති වාර්තාවක් සභාවට ඉදිරිපත් කරමින් හෙළි කර ඇත. උතුරු පළාත් සභාවේ මාස අවසාන සැසිවාරය පෙරේදා (16) වැනිදා පැවති අතර 2014 වසර සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ උතුරු පළාත් සභාවේ මුදල් වියදම් සම්බන්ධ වාර්තා පෙන්වා දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර ඇත.

උතුරු ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන් පස්දෙනා යටතේ පවතින අමාත්‍යාංශ පහ හරහා මෙම මුදල් අදාළ දෙපාර්තමේන්තු 28 සඳහා වෙන් කර දී ඇතත් මෙම මුදල්වලට වූ දේ කුමක්ද යන්න අදටත් අබිරහසක් බවට විපක්ෂ නායකවරයා චෝදනා කර ඇත.

එමෙන්ම 2014 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් පසුගිය රජය විසින් උතුරු පළාත සඳහා වෙන් කළ රුපියල් මිලියන 784ක මුදලක්ද අරමුණකින් යුතුව භාවිතයට ගෙන නොමැති බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බවද තවරාසා සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3763095019143937044

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item