අතුරුදන්වූවන් පිළිබඳ පනත් සම්මත වීම ගැන බ්‍රිතාන්‍ය සහ ගෝලීය දෙමළ සංසදය සතුටුවූ බව දැනුම් දෙයි

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත වීම පිළිබඳ බ්‍රිතාන්‍ය රජය සිය සතුට පළ කර ඇතැයි එරට විදේශ හා පොදුරාජ්‍ය කට...

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත වීම පිළිබඳ බ්‍රිතාන්‍ය රජය සිය සතුට පළ කර ඇතැයි එරට විදේශ හා පොදුරාජ්‍ය කටයුතු ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රී ලංකාව සංහිඳියාව කරා යන ගමනේ දී මෙය ඉතා වැදගත් ඉදිරි පියවරක් වන බව එහි සඳහන්ය.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ක්‍රියාවට නැංවීම තුළින් සිය නෑ හිතවතුන් අහිමි වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාවට සෙතක් සැලසෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

පනත සම්මත වීම පිළිබඳව බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක එමානුවෙල් පියතුමාගේ ගෝලීය ද්‍රවිඩ සංසදය ද බොහෝසේ සතුටුවූ බව දැනුම් දී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4796605339250609328

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item