දින 4කදී රිය අනතුරු 15 කින් 18 ක් මරුට

දින හතරක කාලයක් තුළ ස්ථාන 15කදී සිදුවූ රිය අනතුරුවලින් 18 දෙනෙකු මරණයට පත්වී 30 දෙනෙකු තුවාල ලබා තිබේ.දඹුල්ල -කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ යටි...


දින හතරක කාලයක් තුළ ස්ථාන 15කදී සිදුවූ රිය අනතුරුවලින් 18 දෙනෙකු මරණයට පත්වී 30 දෙනෙකු තුවාල ලබා තිබේ.දඹුල්ල -කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ යටිගල් පොත්ත බස් නැවතුම්පොළ අසලදී ලංගම බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 04 දෙනෙක් තුවාල ලබා සිටිති. පොතුහැර දම්බොක්ක රඹුක්කන මාර්ගයේදී ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් ගැටීම නිසා වයස අවුරුද්දක දරුවෙකු, වයස අවුරුදු 10ක දරුවෙකු හා 28 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

බදුල්ල පස්සර මාර්ගයේදී බස් රථ දෙකක් එකිනෙකට ගැටීම නිසා පුද්ගලයෝ 14 දෙනෙක් තුවාල ලබා සිටිති. වාලච්චේන දෙස සිට වැලිකන්ද දෙසට ධාවනය වූ ටිපර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීම නිසා එක් පුද්ගලයෙකු මරණයට පත් වී දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මීට අමතරව හලාවත පුත්තලම මාර්ගයේදී වෑන් රථයක පාපැදියක් ගැටීම නිසා පාපැදිකරු මියගොස් තිබෙන අතර සූරිය වැව පදලංගල මාර්ගයේදී යතුරුපැදියක් හා ට්‍රක් රථයක් එකිනෙකට ගැටීම නිසා පුද්ගලයෙකු මරණයට පත් වී ඇත. වාරියපොළ -කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මහකෙළිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙකු තුවාල ලබා සිටිති.

සමන්තුරේ වවලකඩේ මාර්ගයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැනීම නිසා යතුරුපැදිකරු මරණයට පත් වී තිබේ.සෙවනගල දෙමෝදර මාර්ගයේදී යතුරුපැදියක් පාරේ ගමන් කළ පුද්ගලයෙකුගේ ඇඟේ ගැටීම නිසා පදික පුද්ගලයාත්, නිට්ටඹුව කොළඹ මාර්ගයේදී මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකු කැබ් රථයක ගැටීම නිසාත් මරණයට පත්ව ඇත.තඹුත්තේගෙම අනුරාධපුර පාදෙණිය මාර්ගයේදී කැබ්රථයක පාරේ ගමන් කළ කාන්තාවක ගැටීම නිසා එම කාන්තාව මියගොස් ඇති අතර, දඹුල්ල කිතුල්හිටියාව ප්‍ර‘දේශයේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට පෙරළී ගසක ගැටීම නිසා ලොරි රථයේ රියදුරු මරණයට පත් වී ඇත.

දංකොටුව බුජ්ජම්පොල ලිහිරියාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටීම නිසා යතුරුපැදිකරු මියගොස් තිබෙන අතර, මීට අමතරව මහනුවර, ගැටඹේ දෙවන රාජසිංහ මාවතේදී ටිපර් රථයක් මහවැලි ගඟට පෙරළීයාම නිසා ටිපර් රථ රියදුරු මරණයට පත්ව ඇත.සැප්තැම්බර් පළමුවන දින සිට ඊයේ (04දා) සවස 6 දක්වා කාලය තුළදී සිදුවූ අනතුරුවලින් මෙම මරණ හා තුවාල සිදුව තිබේ.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6149652222189185034

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item