වාලච්චේනේ වෙඩි තබා පුද්ගලයෙක් මරා දමයි

වාලච්චේන, හුදාපල්ලිය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද...

වාලච්චේන, හුදාපල්ලිය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද දහවල් 12.15ට පමණ අදාළ පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී එම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව ය.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සඳහන් කළේ ය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 35 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5730817202010897617

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item