මම දැලි පිහියෙන් බඩ කපාගෙන මැරෙනවා - බන්දුල

තමන්ට එරෙහි දූෂණ චෝදනා ඔප්පු කළහොත් ප‍්‍රසිද්ධියේ දිවි නසා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු එ් බව පැවසුවේ මහ...

Bandula-gunawardena-575-01තමන්ට එරෙහි දූෂණ චෝදනා ඔප්පු කළහොත් ප‍්‍රසිද්ධියේ දිවි නසා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු එ් බව පැවසුවේ මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීමේදී කිසියම් දූෂණයක් සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර මහින්ද ජයසිංහ විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අද (14) පැවැත් වූ මාධ්‍ය හමුවකදී ප‍්‍රතිචාර දක්වමින්.

එහිදී ඔහු පැවසුවේ " මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීමෙන් කෝටි සංඛ්‍යාත මුදලක් නොව සත පනහක හෝ මුදලක වංචාවක් වෙලා තියෙනවයි කියලා අධිකරණයකින් ඔප්පු වුනොත් මම මේ ජනතා විමුක්ති පෙරමුණේ සියලුම කාඩර්වරුන්ට එන්න කියනවා ගෝල්ෆේස් පිට්ටනියට. එතනදි තීන්දුව පෙන්නලා මගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා නම් මම දැලි පිහියක් අරං බඩ කපාගෙන ගෝල්ෆේස් එකෙදි මැරෙනවා. මොකද මම කැමති නැහැ හොරෙක් විඳිහට ළමයිගෙ මුහුණ බලන්න ගෙදර යන්න." යනුවෙනි.

අදාළ පැමිණිල්ලෙන් තමන්ට සිදු වූ අපහාසය සඳහා රුපියල් කෝටි 50 ක් වන්දි ඉල්ලා මහින්ද ජයසිංහ මහතාට එන්තරවාසියක් යවන බවද බන්දුල ගුණවර්ධන මෙහිදී කියා සිටියා.

මෙහිදී වැදගත් තත්වය වන්නේ සමහර චෝදනා ලැබූ පිරිස හෙමින් සීරුවේ ඇමති කම් ගෙන තමන්ට එල්ල කරනු ලැබූ චෝදනා ගැන කිසිදු වචනයක් නොකියිඅ සිටීමත් බන්දුල වැන්නවුන් විපක්ෂයේ සිටම අභියෝග කිරීමත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9223199324305206648

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item