ලස්සන චරිත රඟපෑ හිමාලි සයුරංගි විරූපී වෙලා

හිමාලි සයුරංගි මව් පදවිය ලැබීමත් සමඟ කාලයක්‌ ක්‍ෂේත්‍රයෙන් ඈත්ව සිට නැවත රංගනයට පැමිණ සිටිනවා.ඇය කලකට පසුව දකින්නට ලැබෙන්නෙත් විරූපි චරිතයක...

හිමාලි සයුරංගි මව් පදවිය ලැබීමත් සමඟ කාලයක්‌ ක්‍ෂේත්‍රයෙන් ඈත්ව සිට නැවත රංගනයට පැමිණ සිටිනවා.ඇය කලකට පසුව දකින්නට ලැබෙන්නෙත් විරූපි චරිතයකින්.

හිමාලිගේ වත්මන් ජීවිතය පිළිබඳවයි අපි අද කතා කරන්නේ.

කාලෙකට පස්‌සේ විරූපි චරිතයකින් ඔබව දකින නිසා ප්‍රේක්‌ෂක ප්‍රතිචාර වැඩි ඇති නේද?
එවැනි චරිතයක්‌ ලැබීම මම නම් හිතන්නේ වාසනාවක්‌ කියලයි. ඒ වගේම ඒ සාර්ථකත්වය වෙනුවෙන් විශාල කැපවීමක්‌ කළා.

ඒ චරිතය ඔබව නැවත ක්‍ෂේත්‍රය තුළ අවධි කළා කිව්වොත්?
බොහෝ ප්‍රේක්‌ෂක ප්‍රතිචාර නම් ලැබෙනවා. ඒ අතරේ නිර්මාණ රාශියකටත් ඇරයුම් ලැබෙනවා. නමුත් මගේ අවිවේකී බවත් සමඟ තමයි ඒ සියල්ලක්‌ම තීරණය වෙන්නේ.

හිමාලි සැබෑ ජීවිතේ මවකගේ චරිතය රඟපාන නිසාද නිර්මාණ අතර දකින්න නැත්තේ?
ඒකත් එක හේතුවක්‌ තමයි.

ඒ කියන්නේ තවත් හේතු තියෙනවා
ඔව්. මම කොහොමත් රැල්ලට හඹා එන නිර්මාණවල කැපී පෙනෙන්න උත්සාහ කරන නිළියක්‌ නෙමෙයි. ඒ නිර්මාණ තුළ සතුටක්‌ නැහැ වගේම කොච්චර කැපවීම් කළත් මට වටිනාකමක්‌ නැහැ.

ඔබ පවුලටද කලාවටද මුල්තැන දෙන්නේ
දෙකම සමබරව කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ.

ඒ කියන්නේ පවුල් ජීවිතය තුළ රංගනය ඔබට බාධාවක්‌ නෙමෙයි
ඇත්තටම නැහැ. මම මේක විනෝදයට රඟපානවා නෙමෙයි. වෘත්තීමය මට්‌ටමින් කරන්නේ. ඒ තුළ යම් ගරුත්වයක්‌ තියෙනවා. ඒ වෘත්තීමය කැපවීම තුළ පවුල් ජීවිතයටත් ප්‍රමුඛත්වයක්‌ දෙමින් කටයුතු කරනවා.

විවාහයෙන් පස්‌සේ රංගනයට තහංචි වැටුණේ නැද්ද?
අනාගතයේදී එවැනි ගැටලුවක්‌ මතු නොවෙන්න විවාහයට පෙරදීම සැමියත් සමඟ කතා කරලා කවදාවත් රංගනය අත්හරින්නේ නැහැ කියලා තීන්දුවකට ආවා.

එදා නිර්මාණ තුළ ඔබට හිමිවූ තැන අදත් එළෙසම පවතිනවා කියලා හිතනවාද?
ඇත්තටම නැහැ. අද අඩුවට එන්නේ කවුද එයාව තමයි නිර්මාණයට තෝරගන්නේ. ඒ පුද්ගලයාට කැමරාවක්‌ ඉදිරියේ රඟපාන්න පුළුවන්ද බැරිද කියලා හොයලා බලන්නේ නැහැ.

නිර්මාණවල නියෑළෙන කාලය තුළ දරුවාගේ වගකීම් පැවරෙන්නේ කාටද?
දුව ඉපදිලා මාස හයක්‌ ගියාට පස්‌සේ ඉඳලම මම රංගන කටයුතුවලට සම්බන්ධ වුණා. මගේ අම්මත් මහත්තයගේ දෙමව්පියනුත් දුවගේ කටයුතු සියල්ල සොයා බලනවා.

මවක්‌ හැටියට ස්‌වයං වාරණයක්‌ පණවගෙන නැද්ද?
රංගනයට ආ මුල් වකවානුව තුළ පනවගෙන තිබූ වාරණයන්ම තමයි රංගන ජීවිතේ තුළ අදටත් වලංගු භාවයේ පවතින්නේ.

ඒ කියන්නේ ඔබ ගත් තීරණයක්‌ වෙනස්‌ කරන්නේ නැහැ
මම තීරණයක්‌ ගන්නේ වර්තමානය වගේම අනාගතය ගැනත් තුන්වතාවක්‌ හිතලා. ඒ නිසා තමයි මගේ රංගන ජීවිතේ කිසි දවසක බාල නිර්මාණවලට දායක නොවුණේ. ඒ නිසයි අදටත් අතීතය ගැන හිතද්දී මට දුකක්‌ නොදැනෙන්නේ.

දියණියගේ විස්‌තර ටිකක්‌ කිව්වොත්
දුවගේ නම වනුජි සෙනල්යා. වයස අවුරුදු දෙකයි.

දුව වැඩියෙන්ම කිට්‌ටු කාටද?
මහත්තයාට. දුවලා කොහොමත් ලැදි අප්පච්චිලාට කියලා පැරණි කියමනකුත් තියෙනවනේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 8404943328881790943

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item