ආණ්ඩුවේ දෙදරීම අරඹයි - තිලක් මාරපන ඉල්ලා අස්වේ.

තමන් දරන ලද නීතිය, සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව තිලක් මාරපන මහතා පවසයි. කොළඹ සිය නිවෙස් පැවති පුවත්පත...

තමන් දරන ලද නීතිය, සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව තිලක් මාරපන මහතා පවසයි.

කොළඹ සිය නිවෙස් පැවති පුවත්පත් සාකච්චාවක් අමතමින් ඔහු කියා සිටියේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් ජනාධිපතිවරයා වෙත යැවූ බවයි.
අද දවසේ මේ මොහොතවනතුරුත් ඇවන්ට්ගාඩ් නෞකාවේ රාජකාරි කටයුතු සිදුවන බව තමන් වගකීමෙන් යුතුව කියා සිටින බව හිටපු නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

දිනකට 30 වතාවක් පමණ මෙම නෞකාවෙන් නාවික හමුදා හා රක්නා ලක්නා සමාගමේ අය මෙම නෞකාවෙන් අවි රැගෙන බෝට්ටුවල ආධාරයෙන් රැගෙන යන බවත්, නැවත රැගෙන එන බවත්, එම කටයුත්ත මේ මොහොතෙත් සිදුවන බවත් ඔහු කියා සිටියේ අද (09) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේදීය.

ගාල්ල වරායේ පොලීසිය පවතින්නේ මෙම නැවට මීටර් 100 ක් පමණ දුරින් නිසා මේ මෑත කාලය වන තෙක් ඔවුන් මෙය නොදැක්කා යයි සිතීම සැක සහිත බැවින්, මෙය හදිසියේ වටලා ලකුණු දා ගත්තාදැයි සිතෙන බව ඔහු සඳහන් කළේය.

තමාට දිගට හරහට මඩ ගැසීමට මාධ්‍ය මගින් ක්‍රියා කළ බැවින්, මඩ ගා ගැනීමට අකමැතිව ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, මාධ්‍ය විසින් එවැනි මඩගැසීම් නොකළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

පරීක්ෂණ වලට බාධාවක් නොවන පරිදි ඉල්ලා අස්වීමෙන් පරීක්ෂණ මගින් තහවුරු වන කාරණා සම්බන්ධයෙන් ජනතාව තුළ පිළිගැනීමක් ඇතිවන බව මාරපන මහතා අවධාරණය කළේය.

තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුවද මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිගින් දිගටම රැඳී සිටින බවත්, මේ ආණ්ඩුව පත්කර ගැනීමට තමන් දැවැන්ත කැපකිරීමක් කළ බවත් ඔහු සඳහන් කළේය.

ඇවන්ට්ගාඩ් සමාගමෙන් රක්නා ලංකා සමාගමට 18%ක් හා නාවික හමුදාවට 18% ක් පමණ වන ලෙස පිරිවැටුමක් හිමිවුණු බව තමාට මතක යයිද, එම මුදල දල වශයෙන් මිලියන 3.8 ක පමණ මුදලක් බවත් මාරපන මහතා පෙන්වා දුන්නේය.

මෙම නෞකාවේ පවතින්නේ විදේශ සමාගම්වලට අයත් නමුත් ලංකා රජය මගින් සහතික කළ නීත්‍යනුකූල අවි බවත්, ඒ බව තමන් පෙන්වාදී ඇති බවත්, අද දක්වාම නෞකාවේ කටයුතු නිසි ලෙස සිදුවන්නේ ඒ නිසා බවත් හෙතෙම අවධාරණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1362150180376934824

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item