සෝ‍භිත හිමියෝ අපවත් වෙති

සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝ‍භිත හිමියෝ අද අලුයම (08) අපවත් වී තිබෙනවා.  අපවත් වන විට 73 වැනි වියේ පසු...

සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝ‍භිත හිමියෝ අද අලුයම (08) අපවත් වී තිබෙනවා. 
අපවත් වන විට 73 වැනි වියේ පසු වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පසුගිය දින කිහිපයේ බරපතල ලෙස දුර්වල වී පැවතියා. 

එරට විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙකු උන්වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහලේ රැඳී සිටිමින් ප්‍රතිකාර සිදු කළා.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගියදා ශ්‍රී ලංකාවේදී හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සැත්කමකට භාජනය කළා. ඉන් අනතුරුව උන්වහන්සේගේ තත්ත්වය බරපතල වූ අතර ඒ අනුව උන්වහන්සේව සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබුවා. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5119996870611142993

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item